Sunday, July 16, 2017

ඩෙංගු රෝගයෙන් වැලකීමට නම්

ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි . මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වූවත් රෝගය බෝ කිරීමේදී  වෙනස්  වෛරසයන් ක්‍රියා කරයි . (DEN 1, DEN 2 , DEN 3,  DEN 4)
ඩෙංගු අසාදනය නිසා ඇතිවන රෝග තත්වයන් ඉතා විශාල පරාසයක් තුල විහිදෙන අතර සමහර පුද්ගලයන් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්නන අතර තවත් කොටසකට රෝග ලක්ෂණ ඇතිවේ. රෝග ලක්ෂණ සහිත අයගෙන් වැඩි ප්‍රමාණයකට සාමාන්‍ය වයිරස් උණ තත්වය, ඩෙංගු උණ හෝ අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රක්තපාත උණ තත්වයක් ඇතිවිය හැක.  ඩෙංගු රෝගය නිසා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත තත්වය වන අතර අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රෝගී තත්වයන් ඉතා කලාතුරකින් ඇතිවේ.
                          
      මේ වනවිට මෙරට විශාල ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත.මරණ ප්‍රමාණය ද වැඩිවෙමින් පවතී.ඩෙංගු මදුරුවා බෝ කරන්නේ අප විසින්මය.අප එදිනෙදා ඉවතලන ද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණයකින් බැහැර කිරීම හා අවට පරිශ්‍රය පිරිසිදු කොට තබා ගැනීම කරන්නේ නම් ඉතා පහසුවෙන් ඩෙංගු රෝගය ජය ගත හැකිය .ඔබේ නිවසේ එකතු වන ප්ලාස්ටික් හා පොලිතින් ආදිය එකතු කොට පුළුස්සා දැමීම හෝ ප්‍රතිචක්රීකරණ මධ්‍යස්තානයකට භාරදීම සිදු කරන්න.සතියකට වරක් වත් නිවස අවට පිරිසිදු කරන්න .නිතරම පරිසරය පිරිසිදුව තබා ගන්න. එවිට බරවා උවදුර දුරු කළා මෙන්  ඩෙංගු පහසුවෙන් ජයගත හැකියි.


මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිකිරීම් අතරතුර ...

       
ඈතට දිස්වන මොරගහකන්දට යටවූ ලග්ගල ගම්මානය





වේල්ලේ සිට බැලූ විට හාත්පස පෙනෙන අයුරු
 




 

Tuesday, July 11, 2017

දේශීය වෛද්‍ය ක්‍රමයේ අන්තර් සංස්කෘතික පදනම - ඖෂධ හා ප්‍රතිකාර


        වත්මන් දේශීය වෛද්‍ය ක‍්‍රමයට වසර හත්දහස් පන්සීයකට වැඩි දීර්ඝ ඉතිහාසයක් හිමි ය මුල්කාලීනව යක්ෂ ගෝත‍්‍රිකයන් අත පැවති හෙළ වෙදකමට පසුව ඉන්දීය සංක‍්‍රමණ හා ආක‍්‍රමණයන්හි බලපෑම හේතුවෙන් ඉන්දීය හෙළ වෙදකම මුසු වී ආයුර්වේදය නිර්මාණය විය .එනම් හෙළ වෙදකම යනු ආයුර්වේදය නොවේ .කල්යත්ම අරාබි රටවල් අතර පැවති වෙළද ගනුදෙනු හා වෙනත් ආසියාතික රටවල් අතර පැවති ආගමික දේශපාලන සම්බන්ධතා මත එම රටවල් වල පැවතී ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමවේදයන් මෙරට ආයුර්වේදයට මුසු විය .එය වර්තමාන දේශීය වෛද්‍ය ක‍්‍රමය පෝෂණය වීමට බෙහෙවින් බලපා ඇත.
        දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ භාවිත වන පුරාණ වෛද්‍ය ග‍්‍රන්ථ සහ වෛද්‍ය ක‍්‍රම එමෙන්ම ප‍්‍රතිකාර ක‍්‍රම ,ඖෂධ වර්ග භාවිතය කෙරෙහි ද වෙනත් සංස්කෘතික බලපෑම් ලැබී ඇත අභිචාරමය ක‍්‍රම වැනි අංගයන්ගෙන් මෙරට දේශීය වෛද්‍ය ක‍්‍රමය පෝෂණය වුයේ ද විටින් විට ආගමික සංස්කෘතික හා දේශපාලනමය වශයෙන් ඇතිවූ වෙනත් සංස්කෘතික බලපෑම් මත ය. වර්තමානය වනවිට විදේශීය ආක‍්‍රමණ හා ආර්ථික ප‍්‍රතිපත්තිය මත ඇතිවූ විවිධ බලපෑම් නිසාවෙන් බටහිර වෛද්‍ය ක‍්‍රමයේ භාවිත කරන  තාක්ෂණය ආයුර්වේද රෝහල් වල භාවිත කරනු දක්නට හැකිය. එනිසා වත්මන් දේශීය වෛද්‍ය ශාස්ත‍්‍රය වෙනත් සංස්කෘතීන්ගෙන් ලද අන්තර් සංස්කෘතික බලපෑම ඔස්සේ විශාල ක්්ෂේත‍්‍රයක් පුරා ව්‍යාප්ත වූ බව පැහැදිලි වේ.

          මෙරට දේශීය වෛද්‍ය ක‍්‍රමයේ ඉතිහාසය වසර හත්දහස් පන්සියයක අතීතයකට දිවයයි. අප දැනට මෙරට භාවිත කරන ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය පාරිශුද්ධ වුවක් ලෙසටම සැලකිය නොහැකිය. මේ පිළිබදව සිදු කරන අධ්‍යයනයේදී මෙරට ග‍්‍රන්ථ පිළිබඳ මෙන්ම භාරතයේ ග‍්‍රන්ථ කෙරෙහිත් අවධානය යොමු කල යුතුවේ.එම මුලාශ‍්‍ර වලට අනුව ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය විවිධ වෛද්‍ය ක‍්‍රමයන්හි සංකලනයකි.
          මෙහි ආරම්භය ලංකාවේදීම සිදුවූ බවට මතයක් පවතී .එය මුල්කාලීනව හෙළ වෙදකම ලෙස හදුන්වා ඇත. හෙළ වෙදකම ඉතාමත් දියුණු වෛද්‍ය ක‍්‍රමවේදයන් ගෙන් සමන්විත වූ පරිපුර්ණ ශාස්ත‍්‍රයක්ව පැවත ඇත .එය යක්ක ගෝත‍්‍රිකයන් සතුව තිබී ඇති අතර හෙළයේ සිටි මහා වෙදදුරෙකු වූ මහා රාවණා රජු විසින් ලියන ලද කුමාර තන්ත‍්‍ර ,උඞ්ඩිස තන්ත‍්‍ර අර්ක ප‍්‍රකාශ ,මර්මවිඥාන, නාඩි ප‍්‍රකාශ, විධි වෛද්‍ය යන වෛද්‍ය ග‍්‍රන්ථයන්ගෙන්ම එහි ගැඹුරු බව පෙනේ. මෙම වෛද්‍ය ක‍්‍රමයේ ඇති විස්මිත බව පිළිබදව ලංකාවේ සේවය කල පෘතුග‍්‍රීසි සොල්දාදුවෙක් පවසා ඇත.
      ,  ඔවුහු විස්මයජනක වෙදදුරෝය.තුවාල වලට ,ගෙඩි වලට .කැඩුණු අත්පා වලට දින කිහිපයකින් සුවය ලබා දෙන්නට සමත් වෙති. පිළිකා අපට සුව කළ නොහැකි රෝගයක් වුවාට ඔවූන්ට එසේ නොවේ ඔවුහු පිළිකා දින අටකින් සුව කරති. සමෙහි හෝ බාහිර කැළලක් වූවානම් එය කලින් එතන තිබුනාදැයි සොයා ගත නොහැකි වන තරමටම කැළැල් සුව කරති. දිවයිනේ සිටි කාලය තුල හමුදා සොල්දාදුවන්,කපිතාන්වරුන් ඔවුන්ගේ විස්මිත ප‍්‍රතිකාර වලින් සුවය ලබනු මා දැක ඇත. වඩාත් විස්මයජනක වන්නේ ඔවුන් එය එතරම්ම සැහැල්ලූවෙන් කරන අයුරු යx ˮ (ජො- ආ-ද රිබෙයිරෝ,  1641-1658,ේඑ ්කසා්ාැ යසිඑදරස් ාැ ජැසක්ද*
      නමුත් වත්මන් දේශීය වෛද්‍ය ක‍්‍රමය හෙළ වෙදකමේ හා ආයුර්වේදයේ එකතුවක් ලෙස බිහිවුවකි . මෙහි භාවිත වන ප‍්‍රතිකාර ක‍්‍රමයන් ද විවිධාංගීකරණයකින් යුක්තය. ගෙඩි වණ පිළිකා ,කැඩුම් බිදුම් ,නිල වෙදකම වැනි විශාල ක්ෂේත‍්‍රයක දේශීය වෛද්‍ය ක‍්‍රමය පැතිර පවතී. එය අධ්‍යයනය කරන්නෙක්ට පැහැදිලිවම සංස්කෘතික පරාමිතීන් රැුසක සංකලනයක් හදුනා ගත හැකිවීම මෙහි පවතින විශේෂත්වයකි. වරින්වර සිදු වූ ආක‍්‍රමණයන් මෙන්ම සංක‍්‍රමණයන් ද අවශ්‍යතාවයන්ද මෙම සංකලනය ඇති වීම කෙරෙහි බලපා ඇත.මෙම අධ්‍යයනයේදී වෙන් වෙන් වශයෙන් ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ ආරම්භය හා ප‍්‍රතිකාර ක‍්‍රම, ඖෂධ වර්ග හා නාමයන්හි පවතින සංස්කෘතික ලක්ෂණ හැදෑරීමක් සිදු කෙරේ. ඒ තුළින් මෙම පැරණි ශාස්ත‍්‍රයේ පවතින අන්තර් සංස්කෘතිකමය ලක්ෂණයන් විනිවිද දැකීමට හැක.     

      ආයුර්වේදය යනු ආයුෂය වර්ධනය කරන විද්‍යාවයි .මෙහි ගැබ්ව ඇති මුලික අර්ථය නම් දිගුකලක් නීරෝගීව ජීවත් වීම යන්නයි.ආයුර්වේදයේ මුලික පරමාර්ථය නම් ජනතාවගේ කායික (චයහිසජ්ක* මානසික මෙන්ම ආධ්‍යාත්මික (ිචසරසඑම්ක* නීරෝගී භාවය ද රැුකීම හා දියුණු කිරීම වේ. එහි ද්වීතීය පරමාර්ථය රෝග නිවරණය හා ව්‍යාධි සමනය කිරීමයිx මෙය මහජනයාගේ හිතසුව පිණිසම ලොව වර්ධනය වූ ශාස්ත‍්‍රයක් ලෙස පිළිගැනේ. මෙම අධ්‍යයනයේදී එහි පවතින අන්තර් සංස්කෘතික හා මුහුන් සංස්කෘතික ස්වභාවයන් පිළිබද විමර්ශනය කෙරේ.      
      අන්තර් සංස්කෘතිය යනු එක සංස්කෘතියක පවතින සිරිත් විරිත් ,ඇදහිලි, නීති ,සදාචාර සහ      ඇබ්බැහිකම් යන මේ කරුණු එක එල්ලේ හෝ වක‍්‍රාකාරයෙන් ගමන් කිරීමත් එම සංස්කෘතියේ පවතින ඉහත කී ලක්ෂණ අඩු වැඩි වශයෙන් තවත් සංස්කෘතියකට පිවිසීමත් ය .මුහුන් සංස්කෘතිය තුළ සිදුවන්නේ වෙනස් සංස්කෘති දෙකක ලක්ෂණ එකට මුසු වී නවතම සංස්කෘතියක් ඇති වීමයි. මෙම ලක්ෂණ දෙකම දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ අඩු වැඩි වශයෙන් හඳුනාගත හැකිය.
            ආයුර්වේදය ලොව පවතින ඉතා පැරණිතම වෛද්‍ය ක‍්‍රමය ලෙස පිළිගැනේ. මෙහි ආරම්භය පිළිබද සාකච්ඡුා කරන විට මතුවන වැදගත්ම කාරණය නම් මෙය බටහිර වෛද්‍ය ශාස්ත‍්‍රය බිහිවීමට සෑහෙන කලකට පෙරාතුව සිට සිය නීරෝගීභාවය තබාගෙන දීර්ඝායුෂ රැුක ගැනීමට පෙරදිගවාසින් විසින් පවත්වාගෙන ආ වෛද්‍ය ක‍්‍රමයක් වීමයි.
            කෙසේවෙතත් මෙරට ආයුර්වේදයේ ජන්ම භුමිය ලෙස පිළිගැනෙන්නේ භාරතයයි. භාරතයේ ආයුර්වේදය ඇතිවූ බවට මතවාද රැුසක් පවතී. නමුත් ශ‍්‍රි ලංකාවේ තිබු ඉපැරණි වෛද්‍ය ක‍්‍රමය හෙළ වෙදකම ලෙස හදුන්වා ඇත. එය භාරතයෙන් හදුන්වා දුන් ශාස්ත‍්‍රයක් නොව මෙරට වසර ගණනාවක් පැවැති පරිපුර්ණ වෛද්‍ය ක‍්‍රමයකි.එහි මුල් හිමිකරුවන් මෙරට විසු යක්ක ගෝත‍්‍රිකයන් ය. රාවණ රජු ද ඉතා දක්ෂ වෛද්‍යවරයෙකු ලෙස හැදින්වෙන අතර ඔහු විසින් කුමාර තන්ත‍්‍ර , උඩිඩිසතන්ත‍්‍ර ,අර්ක ප‍්‍රකාශ ,නාඩි ප‍්‍රකාශ ,මර්මවිඥාන , විධිවෛද්‍ය යනාදී ග‍්‍රන්ථ  රැුසක් රචනා කර ඇති අතර එය මෙරට හෙළ වෛද්‍ය ක‍්‍රමයේ උත්තමාංගය ලෙස සැලකේ . මේවා අදටත් හෙළ ආයුර්වේදයෙන් හිමිවූ  ආයුර්වේදයේ මුල ග‍්‍රන්ථ ලෙස විශ්වාස කරයි .යක්ෂ ගෝත‍්‍රිකයන් විසින් එය මෙරට පවත්වා ගෙන ගිය බවට සාධක රැුසක් පවතී. ආයුර්වේදයේදී භාවිත වන ඖෂධයන්හි නාම ආරම්භයේදී යක් යන පදය එකතු වන්නේ මේ හේතුව නිසාය . යක් නාරං, යක් වනස්ස, යක් එරබදු  යනාදී ලෙස ජනජීවිතය හා බැදී අංගයන්ට යක් යන පදය භාවිත වුයේ මේ නිසාය. මෙය ඉතා දියුණු පිරිසිදු වෛද්‍ය ක‍්‍රමයක් ලෙස සැලකෙන අතර හෙළ වෙදකම යනු ආයුර්වේදයට වඩා ප‍්‍රබල මෙන්ම සියයට සියයක්ම දේශීය වෛද්‍ය ක‍්‍රමයකි.
              මෙම හෙළ වෛද්‍ය ක‍්‍රමය පාරම්පරික වෙදකම හා ආයුර්වේද වෙදකම ලෙස ප‍්‍රධාන කොටස් දෙකකි .මෙයින් පාරම්පරික වෙදකම පරම්පරාගතව පැවතේ .මුඛ පරම්පරාගතව පැවත එන ක‍්‍රමවේද මුසුවීමෙන් එය පෝෂණය විය.ආයුර්වේදයේ තිඹිරි ගෙය ලෙස සැලකෙන්නේ මෙම පාරම්පරික වෙදකමයි. හෙළ වෛද්‍ය ක‍්‍රමයට වෙනත් සංස්කෘතික සාධක මුසුවීම ඇරඹෙන්නේ විජයාවතරණයත් සමගම වේ. ඒ අනුව ඉන්දියාවේ පැවති ආයුර්වේදය හෙළ වෙදකමට මුසුවීමත් සමඟම දේශීය වෛද්‍ය ක‍්‍රමය හෙවත් වත්මන් ආයුර්වේදය බිහිවිය. ඒ අනුව එය ඉහත ක‍්‍රම දෙකේම නව මුහු වීමකි . ඉන්දියානු බලපෑමත් සමඟම චීනය, අරාබිය වැනි රටවල පැවති වෛද්‍ය ක‍්‍රමයන් ද නව ආයුර්වේදයට මුසු විය. ඒ අතර අක්ෂි වෙදකම , ගෙඩි වණ පිළිකා ,කැඩුම් බිදුම් ,නිල වෙදකම සර්ප වෙදකම සහ නාඩි වෙදකම දැකිය හැකි විය. මෙය අප දැනට භාවිත කරන සර්වාංග ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය ලෙස සැලකේ. එනම් දේශීය වෛද්‍ය ක‍්‍රමය මෙම ලක්ෂණ සියල්ලගේම බලපෑම මත නිර්මාණය වූ නව ක‍්‍රමවේදයකි .මෙහි දැකිය හැකි විශේෂ ලක්ෂණය නම් වෛද්‍ය ක‍්‍රමයේ ආරම්භයම මුහුන් සංස්කෘතික බලපෑම මත සිදුවුවක් වීමයි. දැනට මෙරට පවතින දේශීය වෛද්‍ය ක‍්‍රමයත් සමග මුහුන්ව පවතින වෛද්‍ය ක‍්‍රමයන් කිහිපයකි. එම සංකලනය නිසා වත්මන් ආයුර්වේදය හෙවත් දේශීය වෛද්‍ය ක‍්‍රමය බිහිව ඇත. ආයුර්වේදයේ හදුනා ගත හැකි ප‍්‍රධාන වෛද්‍ය ක‍්‍රමයන් කිහිපයකි.
හෙළ වෙදකම
දකුණු ඉන්දියානු වෛද්‍ය ක‍්‍රමය 
භාරත වෛද්‍ය ක‍්‍රමය 
චීන වෛද්‍ය ක‍්‍රමය
අරාබි වෛද්‍ය ක‍්‍රමය    (සිරිසේන,1998*

x මෙම මුහුන් වෛද්‍ය සම්ප‍්‍රදාය බිහිවීම කෙරෙහි හේතු කිහිපයක් බලපාන ලදී

     1. විජයාවතරණයේ සිටම මෙරටට සිදුවූ ඉන්දීය සංක‍්‍රමණ
     2. මහින්දාගමනයත් සමග බෞද්ධ දැනුම් සම්භාරයක් ලැබීම තුළ සිදුවූ සංස්කෘතික ප‍්‍රබෝධය 
     3. ගජබා රජු සමයේ දකුණු ඉන්දීය වැසියන් කම්කරුවන් ලෙස මෙරටට ගෙන්වා ගැනීම.
     4. අරාබිය හා ලංකාව අතර පැවති වෙළද සම්බන්ධතාx
     5. චීනයත් සමග පැවතී සම්බන්ධතාx
මුලික ප‍්‍රතිකාර ක‍්‍රම හා ඖෂධ වර්ග :
        දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ රෝග සුව කිරීමේ රහස් ක‍්‍රම බොහොමයක් ඇත. ඒ අතර යන්ත‍්‍ර මන්ත‍්‍ර ,ජ්‍යෙතිෂය ,පුදපුජා ඇතුළු අභිචාරාත්මක ක‍්‍රම රාශියක් ද නාඩි ශාස්ත‍්‍රය ,නිල වෙදකම වැනි විස්මිත ප‍්‍රතිකාර ක‍්‍රම රැුසක් ද පවතී. මුලිකවම භාරතයෙන් ලැබුණු අෂ්ඨාංග ආයුර්වේදය දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ භාවිත කරන ප‍්‍රධාන ක‍්‍රමවේදයයි. කායික රෝග වලට අමතරව මානසික රෝග හා සඳහා ද අභිචාරාත්මක ප‍්‍රතිකාර විධි පවතී. මානසික රෝග සුව කිරීම සඳහා බලි යාගය හා ශාන්තිකර්ම සිදුකිරීම, තොවිල් පැවැත්වීම ,නුල් බැඳීම වැනි අභිචාරාත්මක ක‍්‍රම භාවිත කිරීම ද සිදුවේ. මෙහිදී මෙම ප‍්‍රතිකාර ක‍්‍රම වලට මුලිකවම බලපා ඇත්තේ ඉන්දියානු ආයුර්වේදයෙන් ලත් බලපෑමයි. උඩරට පළාතේ කොහොඹා  කංකාරිය හෙවත් හැටපස් මංගල්‍යය නම් යාගය අනුරාධපුර මහමෙවිනාෙවිදී පැවැත්වූයේ  ඉන්දියාවේ මලය රජුගේ මුලිකත්වයෙනි. ශාන්තිකර්ම මඟින් මානසික බලපෑම් සඳහාත් ප‍්‍රතිකාර කළ බව සදහන් ය. බලියාගය ද ඉන්දියානු බලපෑමක් මත මෙරටට ලැබුණකි.  
        මෙහිදී ඖෂධ ලෙස භාවිත වන ශාක ද්‍රව්‍ය සියල්ලම සංස්කෘතික සංකලනයක ප‍්‍රතිඵල ලෙස බිහිවුවක් යැයි සැලකිය හැකිය. විවිධ රෝගාබාධ වලදී ශාක ඖෂධ භාවිතයෙන් අරිෂ්ඨ නිපදවීම, කසාය සෑදීම ගුලි ,කල්ක සැකසීම සිදු කරයි. හිස කුඩිච්චි දැමීම ,නස්නය, පත්තු බැදීම මැල්ලූම් බැදීම ආදී මෙහි භාවිත වන බොහෝ ප‍්‍රතිකාර ක‍්‍රම ඉන්දියාවේද මේ අයුරින්ම භාවිත වේ. මෙරට සාහිත්‍ය මුලාශ‍්‍රයන්හි එන ජීවක කතා වස්තුවේ විස්තරයට අනුකුලව එකල ඉන්දියාවේ ද මෙම වෛද්‍ය ක‍්‍රම පැවති බව හෙළි වේ.පත්තු හා මැල්ලූම් සැකසීමේදී මෙන්ම බැදීමේදී ද දකුණු ඉන්දියානු දෙමළ මන්ත‍්‍ර භාවිත කිරීමෙන් එහි පැවති වෛද්‍ය ක‍්‍රමයේ ආභාසය මෙරටට ලැබුණු බව පැහැදිලිය .
        රාවණා රජ සමයේදී ද සර්වාංග වෛද්‍ය ක‍්‍රමයේදී ද වා , පිත් ,සෙම යන ත‍්‍රිදෝෂය සඳහා ප‍්‍රතිකාර කරනු ලබයි. ත‍්‍රිදෝෂය දවසේ උදේ, දිවා ,රාත‍්‍රී යන තුන් කාලයේදීම පවතින බවත් ත‍්‍රිදෝෂය කිපීම සියලූ රෝගාබාධ සඳහා හේතු වන බවත් ආයුර්වේදයේ පිළිගැනීමයි. භාරතයේදී ද මෙය මෙසේම පිළිගන්නා අතර ඉන්දීය ආයුර්වේදයේදී ත‍්‍රිදෝෂයෙන් හටගන්නා රෝග වලට ප‍්‍රතිකාර කරනු ලබයි.
        දේශීය වෛද්‍ය ක‍්‍රමයේදී නාඩි වෙදකම හා නිල ශාස්ත‍්‍රය ඉතා ප‍්‍රබල ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස භාවිතයට ගැනේ. සර්වාංග වෛද්‍යවරයා නාඩි ශාස්ත‍්‍රය පිලිබඳ මනා දැනුමක් ඇත්තෙකු වීම දක්ෂ වෛද්‍යවරයෙකු වීම සඳහා අත්‍යවශ්‍ය කරුණකි. නාඩිය ශරීරයේ සුඛ - දුක්ඛ දෙක පෙන්වනු ලබයි. රුධිරය ආශ‍්‍රිත රෝග හඳුනා ගැනීම සඳහා ආයුර්වේදයේ බෙහෙවින්ම භාවිත වන්නේ නාඩි  වෛද්‍ය ක‍්‍රමයයි. මෙහි විශේෂත්වය නම් ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකේම මෙය ප‍්‍රබල ශාස්ත‍්‍රයක් ලෙස භාවිතයට ගැනීමයි. රාවණා රජු විසින් ලියන ලද නාඩි ප‍්‍රකාශයේ ද නාඩි විද්‍යාව පිළබද සදහන් වේ. අතෙහි මැණික් කටුව මුලට දැනෙන නාඩියේ ගැස්ම අනුව රුධිර ගමනාගමනයේ වේගය පිළිබදව කිව හැකිය. වර්තමානයේ භාවිත වන නාඩි වෛද්‍ය විද්‍යාව සහ භාරතයේ නාඩි විද්‍යාව අතර සම්බන්ධයක් පවතී. නාඩි විද්‍යාව සම්බන්ධයෙන් ඉන්දීය බමුණන් ද උනන්දු වූ බව නාඩි තරංගනීය නම් ග‍්‍රන්ථය අධ්‍යයනයෙන් පෙනේ. ඒ සමානවම ලංකාවේ පැවති නාඩි වෛද්‍ය ක‍්‍රමය පිළිබඳව පුරාණ නාඩි පොත ,පංච පරීක්ෂා පොත යනාදියෙන් කරුණු හෙළිවේ .ආයුර්වේදයේදී ප‍්‍රධාන වශයෙන් රෝග නිර්ණය කිරීමේදී අෂ්ඨ පරීක්ෂාව භාවිත කරනු ලබයි.  එය නාඩි ,ජිව්හා ,ශබ්ද ,ස්පර්ශ ,දුක් යනාදී ලෙස කොටස් අටකි. භාරත ආයුර්වේදයේ හා මෙරට වෛද්‍ය ක‍්‍රමයේ මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. එයිනුදු නාඩි ශාස්ත‍්‍රය පිළිබඳව ජ්‍යොතිෂ විද්‍යාත්මකව විවිධ අධ්‍යයන ඉන්දියාවේ සිදුව ඇති බව නාඩි ශාස්ත‍්‍රය නම් ජ්‍යොතිෂ විද්‍යාත්මක ක‍්‍රමයක් පිළිබඳව බලන්ගොඩ හාමුදුරුවන් ලියන ලද පොතපත වල සදහන් කරුණු වලින් පැහැදිලි වේ. නාඩි වාක්‍ය පුරාණ ඍෂිවරු විසින් දමිළ බසින් පුස්කොළ පොත්වල සඳහන් කොට ඇත. නාඩි වාක්‍යයන්හි දුර්ලභ පුද්ගලයන් පිළිබඳ සදහන් වේ.පුරාණ නාඩි පොත වැනි මෙරට ලියන ලද ග‍්‍රන්ථ වල පවා නාඩි පිළිබඳ විස්තර සඳහන්ව ඇත්තේ සංස්කෘත ශ්ලෝක වලිනි.
       ‘‘යථා විණා ගතා තන්ත‍්‍රි සර්වාං රෝගාං ප‍්‍රභාෂ්‍යතෙ 
තථා හස්ත ගතා නාඞී සර්වාං රෝගාං ප‍්‍රකාශ්‍යතෙ 
       දේහිනාං හෘදයං දේහෝ සුඛදු:ඛ ප‍්‍රකිශකම් -ආයු : ප‍්‍රදීප්  (අඹතලාව,1994*  

       මේ නිසා නාඩි ශාස්ත‍්‍රය හා නාඩි පරීක්ෂාව පිළිබඳ දැනුම භාරතය හා ලංකාව අතර හුවමාරු වූ බව නිගමනය කළ හැකිය. එනම් එය පෙන්නුම් කරන්නේ වෛද්‍ය ශාස්ත‍්‍රය පෝෂණය වීම කෙරෙහි බලපෑ අන්තර් සංස්කෘතික බලපෑමයි.
      නිල සම්බන්ධයෙන් භාවිත වන අනෙක් වෛද්‍ය ක‍්‍රමය නම් චීන කටු චිකිත්සාවයි. මෙය පුරාණ සිංහල වෙදකමේදී  ද භාවිත වී ඇත. චීනයේ ‘අකුන්පන්චර්’නමින් පෝෂණය වූ වෛද්‍ය ක‍්‍රමය ලංකාවේ භාවිත වූ විදුම් පිළිස්සුම් සහ දැවුම් පිළිස්සුම් වෛද්‍ය ක‍්‍රමයේම දිගුවක් බවට මතයක් පවතී. නිල විදීම ,නිල ඇල්ලීම ,නිල විද ලේ ගැනීම ලංකාවේ භාවිත වූ ප‍්‍රධාන ක‍්‍රමවේදයන් වේ. පොරෝ කටුව ,ගසනා කටුව ,බොත්තම් කටුව, ඉදිකටුව ආදී විවිධ කටු වර්ග ලංකාවේ භාවිත කර ඇත. චීනයේදී මේ වෙනුවට උණ කටු භාවිත කර ඇත .නමුත් ලංකාවේ පැවතී ක‍්‍රමවේදය චීන ක‍්‍රමවේදයට වඩා උසස් එකක් ලෙස සැලකේ. චීනයට මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය රැුගෙන යන ලද්දේ ලංකාවෙන් බවට ද  මතයක් පවතී.
         චීන කටු ක‍්‍රමය චීන කටු හා මෝක්සා ප‍්‍රතිකාර ක‍්‍රමයේ එකතුවකි. එහිදී මෝක්සා ගසේ කොළ වේලා කුඩු කර රෝගී ප‍්‍රදේශයේ කටුවක් සහිතව හෝ රහිතව නිල ස්ථානය රත්වන ආකාරයට තබා (මර්මස්ථාන* පිළිස්සීම සිදු කරයxි එය මෙරට පැවති විදුම් පිළිස්සුම් හා දැවුම් පිළිස්සුම් ක‍්‍රමයට සමානය . මෙම චීන කටු ක‍්‍රමය ක‍්‍රිව 6 වන සියවසේ සිට ජපානය හා අවට රටවලට පැතිර ගොස් ඇති බවට සාක්ෂි පවතී .පසුකලෙක අරාබි රටවලට ද ජර්මනිය හා ප‍්‍රංශය ආදී යුරෝපා රටවලට ද ව්‍යාප්ත වී ඇත. වර්ෂ 1958 දී මෙම ක‍්‍රමය බටහිර වෛද්‍ය ක‍්‍රමය හා ඒකාබද්ධ කර නව ප‍්‍රතිකාර ක‍්‍රමයක් හඳුන්වාදී ඇත. දැනට මෙරට දේශීය වෛද්‍ය ක‍්‍රමයේ භාවිත කරන්නේ එම ඒකාබද්ධ නව ක‍්‍රමයි. නිලස්ථානයට කටු ගැසීමෙන් රෝග සුව කිරීම මෙහිදී සිදුවේ. හිසරදය ,ඉරුවාරදය , අන්ධභාවය , අත් පා පණ නැති වීම , අධික තරබාරුව හා චර්ම රෝග වැනි රෝග සඳහා ආයුර්වේද චිකිත්සාගාර වලදී මෙම ප‍්‍රතිකාරය සිදුකෙරේ. එය අන්තර් සංස්කෘතික බලපෑම කියාපායි.
          දේශීය ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේදී ඖෂධ ලෙස මුලික වශයෙන්ම භාවිතයට ගන්නේ ශාකවල මල් ,ගෙඩි ,පොතු ,මුල් ,අල,වැනි ශාක කොටස් ය. එය භාරතයේදී පංචාංගය ලෙස භාවිත වේ. ඊට අමතරව සත්ව කොටස් ද රෝග සුව කිරීමට නිර්දේශ කරන අවස්ථා පවතී .ලංකාවට හිමාලයේ පිනිමුවන්ගෙන් ලබාගත් කස්තුරි ගෙන්වා ඇතx ලංකාවේ මෙන්ම ඉන්දියාව, චීනය, අරාබිය වැනි රටවලත් ආයුර්වේදයේ භාවිතයට ගන්නේ ශාක ඖෂධයි. එම ඖෂධ අතර සමානකම් දැකිය හැකිය .ඉන්දියාවේ පංචාංගයේදී භාවිතයට ගන්නා  ඖෂධ ලංකාවේ ද ඒ අයුරින්ම භාවිත කරයි .
    උදාහරණ: 
           ඇත්දෙමට ශාකය ලංකාවේ මෙන්ම ඉන්දියානු දේශීය වෛද්‍ය ක‍්‍රමයෙදී ද භාවිතයට ගැනේ. නමුත් මෙරට  ඇත්දෙමට ශාකයට වඩා ඉන්දියාවේ ඇත්දෙමට ශාකය වර්ණය හා සැර අතින් ඉහළ අතර ලංකාවේ ඇත්දෙමට ශාකය  ඉන්දීය ශාකයට වඩා විශාලය .ලංකාවේ මෙන්ම ඉන්දියාවේදී ද කොහොඹ ,නික ,නෙල්ලි ,කෝමාරිකා ඖෂධ ලෙස භාවිත කරයි. ඉන්දියාවෙන් ගෙන්වනු ලබන ඖෂධ සඳහා මෙරට දැඩි ඉල්ලූමක් පවතී. .මේ විෂයෙහි මෙරට භාවිත ඖෂධ වර්ග සඳහා අන්තර් සංස්කෘතික බලපෑමක් ලැබී ඇති බව අධ්‍යයනය කළ හැකිය. 
          දේශීය වෛද්‍ය ක‍්‍රමයට දකුණු ඉන්දීය බලපෑම් ද ඇති වූ බව මතු සඳහන් කරන ලදී. එය ආයුර්වේදයේ එන ඇතැම් රෝග නාමයන් හා ප‍්‍රතිකාර විධි හැදින්වීමට යෙදෙන නාම වලින් පෙනේ. ආයුර්වේදයේදී භාවිත වන බොහොමයක් වචන දමිළ ඌරුව සහිත දකුණු ඉන්දීය ආයුර්වේදයේදී භාවිත වන වචනයි.
                        
උදාහරණ:
කඩුත්තු- වේදනාව
අෙඩෙස -අඩස්සිය 
උළුක්කු -උළුක්කු
සිලන්දු - සිලන්ඩු (ගඩුව*
වලිප්පු ,කෝලා ,අඩප්පර ,සන්නි, උල්ලොගම් වැනි ද්‍රවිඩ වචන ද ඒ සඳහා උදාහරණ ය
            එමෙන්ම ආයුර්වේදයේදී ප‍්‍රතිකාර විධියක් ලෙස භාවිත කරන කුඩිච්චිය හෙවත් හිස කුඩිච්චි දැමීම ඉන්දියාවේ ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස භාවිත වේ .එය හිස සිසිල් කිරීමේ ඖෂධයක් හිසට දැමීම ලෙස අප විසින් අර්ථ දක්වනු ලැබේ .තවත් ද්‍රවිඩ බලපෑමෙන් ලත් ඖෂධ රැුසක් හඳුනා ගත හැකිය .
උදාහරණ :
ඉඤ්ජි -  සිංහලයේදී ඉගුරු
කාර් -   සුවඳ දැනෙනවා    
 සන්නි රෝග චිකිත්සාවේදී දක්නට ලැබෙන සෑම රෝග නාමයක්ම දමිළ ඌරුවෙන් ලැබුණු                 ඒවාය. 
        උදාහරණ :  එත්තුක්කෝල වලිප්පු , කායං පදම් ,ඉලප්පු හති කැක්කුම්
අත්තික්කායි ,කුප්පමේනිය, පෙරුම්කායම් ආදිය කුප්පමේනි,පෙරුම්ගායම් ලෙස දකුණු ඉන්දියාවේ භාවිත වේ. එය ඒ ලෙසින්ම අපගේ දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ භාවිත වේ.  
         ඖෂධ භාවිතයේදී තෙල්, පත්තු සහ මැල්ලූම් යොදාගෙන ප‍්‍රතිකාර කරනු ලැබේ.එහිදී ජ්‍යොතිෂය එම ඖෂධ සකසා ගැනීම සඳහා භාවිත කරයි. ජ්‍යොතිෂය හුදෙක්ම ග‍්‍රහ තාරකා මුලික කරගත් කාලය පිළිබඳ විද්‍යාවකි. විජයාවතරණයෙන් පසුව සිදු වූ සංක‍්‍රමණ හා ආක‍්‍රමණ ජ්‍යොතිෂය මෙරටට ලැබීම කෙරෙහි බලපා ඇත . එය ආයුර්වේදයට මුසුව ඇත්තේ භික්ෂුන් වහන්සේලා අතිනxි බුදුරදුන් භික්ෂුන්ට ජ්‍යොතිෂය ඉගෙනීමට නිර්දේශ කර තිබු බව ත‍්‍රිපිටකයේ එය සඳහන් වීමෙන් තහවූරු වේ.ලංකාවේ සර්වාංග වෙදකම දියුණු වූ ආකාරයටම භාරතයේ ප‍්‍රභවය වූ ජ්‍යොතිෂය සිංහල වෙදකම සමග මුසු වී ඇතx ඖෂධ සැකසීමේදී භාරතයේ මෙන්ම මෙහිදී ද කසාය සීට්ටුවට අමතරව භාවිත කරන එකම ශාස්ත‍්‍රය ජ්‍යොතිෂයයි.  තෙල් සිදීම ,කසාය සැකසීම සිදු කිරීමේදී ඖෂධ ලිප තබා සංයෝග කරන විට ශුභ මුහුර්තියක් භාවිත කරනු ලැබේ. කෙතරම් අවශ්‍යතාවයක් තිබුණ ද බෙහෙතට අදාළව සිදීමට ඇති නියම නැකත උදා වී නැතිනම් බෙහෙත් සිදීම සිදු නොකරයි.එසේ නැතිනම් එම ඖෂධ වල නියම ගුණය ලබා ගත නොහැකි බව ආයුර්වේදයේදී පිළිගැනේ .තෙල් සිඳින විට දකුණු ඉන්දීය දෙමළ මන්ත‍්‍ර හා බුදුගුණ සදහන් මන්ත‍්‍ර භාවිත වේ. මෙම මන්ත‍්‍ර වල හිමාලයේ සිටි සතුන් පිළිිබඳ සඳහන් වීමෙන් පෙනෙන්නේ අප ආයුර්වේදයට ලත් වෙනත් සංස්කෘතික බලපෑම් ය .
         ආයුර්වේදයේදී රෝගයන්ට ප‍්‍රතිකාර කිරීමට පෙර හඳහන පරීක්ෂා කිරීම සිදුවේ. තත්කාලීන ග‍්‍රහ පිහිටීම මත එම බලපෑම් ද රෝග ඇති වීමට හේතු වන බව ආයුර්වේදයේදී පිළිගැනේ. අපල හේතුවෙන් රෝග හට ගන්නා අවස්ථාවන්හිදී එය දුරුකර ගැනීමට දේව වන්දනය හා වෘක්ෂ වන්දනය සිදු වේ. මෙයත් භාරතයෙන් ලත් සංස්කෘතික බලපෑම මත සිදු වුවකි.
       උදාහරණ :  අපල දුරු කර ගැනීම සඳහා විෂ්ණු දෙවියන්ට නිල් මහනෙල් හෝ කටරොලූ මල් පුජා කිරීම , හින්දුන් නිවස ඉදිරිපිට තුල්සි ශාකය සිටුවා ජලය දැමීමත් ලංකාවේ අපල දුරු කිරීමට වැටකෙයියා ශාකය වවා උදේ හවස ජලය දැමීමත් එය ස්පර්ශ කිරීමත් සිදු කරයි 
     මෙයට අමතරව අරාබිය හා ලංකාව අතර පැවති වෙළඳ සබදතා මත යුනානි වෛද්‍ය ක‍්‍රමය මෙරටට ලැබී ඇත .මෙහි ඖෂධ ලෙස ගැනෙන ඉඳි ,රෝස මල් , මිදී යනාදිය මෙරට යුනානි ක‍්‍රමයේදී ද  තවමත් භාවිත වේ. වර්තමානයේදී ප‍්‍රතිකාර කරන විට වෙද නලාව ,එක්ස් -රේ යන්ත‍්‍රය වැනි බටහිර වෛද්‍ය උපකරණ භාවිතය සිදුවේ. එය ද අන්තර් සංස්කෘතික බලපෑම් මත සිදු වුවකි .
         උක්ත අධ්‍යයනයට පාදක කරුණු සියල්ලම නැවතත් විමසා බලන විට පැහැදිලි වන්නේ මෙරට දේශීය වෛද්‍ය ක‍්‍රමය විටින්විට ඇතිවූ අන්තර් සංස්කෘතිකමය බලපෑම් මත ප‍්‍රතිකාරය හා ඖෂධ භාවිතය අතින් ශාස්ත‍්‍රයක් ලෙස වඩාත් දියුණු වූ බවයි.  
 විද්‍යාත්මක මත විමසුම
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ගෝලීය සහසම්බන්ධතාවයක් දක්වා ලෝකය විකාශනය වීමත් සමඟම අන්තර් සංස්කෘතික අධ්‍යයනය කෙරෙහි  අවධානය යොමු විය. අධ්‍යාපනය රැුකියා නිර්මාණය යන කාර්යන් වලදීත් අන්තර් සංස්කෘතික අවබෝධය තීබීම අත්‍යවශ්‍ය කාරණයක් බව ලොව ප‍්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල ද අවධාරණය කරන ලදී. අන්තර් සංස්කෘතික අධ්‍යයනයේදී එඞ්වඞ්.ටී හෝල් , ගියර්ට් හොෆ්ස්ටඞ් , ෆ්‍රෙන්ස් ටොම්ෆනර්ස් යන අයගේ මතවාද විමසා බැලීම වැදගත්ය. ඒ අනුව ඉහත අධ්‍යයනය ඔවුන් පළ කරන ලද අදහස් ඔස්සේ මෙලෙස විමසිය හැකිය.

එඞ්වර්ඞ්.ටී .හෝල් 
       මොහු මානව විද්‍යාඥයෙක්් මෙන්ම අන්තර් සංස්කෘතික පර්යේෂකයෙකු ද වේ.ඔහු අන්තර්             සංස්කෘතික අධ්‍යයනය පිලිබඳ පර්යාය සංකල්පයක් ද හඳුන්වාදුන් අතර මෙහිදී ඔහු විසින් 1959 දී රචනා කරන ලද ‘එයැ ිසකැබඑ ක්බටම්ටැ ’කෘතියේදී පල කරන ලද අදහස මෙහිදී සැලකිල්ලට ගැනේ.
       ඔහු  එකවර සංස්කෘතික කුසලතාවයන් ගණනාවක් ක‍්‍රියාත්මක කිරීමේ ඇති හැකියාව විස්තර කරමින් පෙන්වා දෙන්නේ පුද්ගලයෙකු එක් සංස්කෘතියකට (එක කුසලතාවයකට * අනුගත වනවාට වඩා සංස්කෘතීන් කිහිපයක් සමග බැදී ඇති ආකාරයි. ඉහත අධ්‍යයනයට අනුව විමර්ශනයෙදී ද  පෙනෙන්නේ දේශීය වෛද්‍ය  ක‍්‍රමය ලංකාවටම අයත් පාරිශුද්ධ වු ශාස්ත‍්‍රයක්  නොවන බවයි.එහිදී හෙළ වෛද්‍ය ක‍්‍රමයේ පැවති අංගයන්ට වඩා භාරතයෙන් සහ චීනය , අරාබිය ඇතුළු රටවලින් ලැබුණු වෛද්‍ය ප‍්‍රතිකාර හා ඖෂධ වර්ග රාශියක් බහුලව මෙහි භාවිත වන බව පැහැදිලිය. නිදසුනක් ලෙස සර්වාංග වෛද්‍ය ක‍්‍රමය හා චීන කටු ක‍්‍රමය දැක්විය හැකිය. එඞ්වර්ඞ් .ටී.හෝල් විසින් අන්තර් සංස්කෘතිය පිළිබඳ පැවසු ඉහත අදහස දේශීය වෛද්‍ය ක‍්‍රමය සම්බන්ධයෙන් ද එලෙසම අදාළ වේx 
ගියර්ට් හොෆ්ස්ටෙඞ්
              මොහු ජාතික හා අන්තර් ජාතික සංස්කෘතීන් අතර ඇතිවන අන්තර් ක‍්‍රියාකාරිත්වයන්  පිළිබඳ පෘතුග‍්‍රීසි බසින් අදහස් දක්වා ඇත. සංස්කෘතික විශ්ලේෂණයට අමතරව එය මනෝවිද්‍යාත්මකව හඳුනා ගැනීමේ උත්සාහයක් ද දරා ඇත. ඔහු ජමකඑමර්ක ජදබිැුමැබජැිලජමකඑමර්ක දරට්බස‘්එසදබලිදඓඅ්රු දෙ එයැ පසබා ආදී ශාස්ත‍්‍රීය කෘති රැුසක් රචනා කර ඇත . ඔහු අන්තර් සංස්කෘතිය සම්බන්ධයෙන් පළ කරන ලද අදහස් දෙකකි.
කාලයත් සමග සිදුවන සංස්කෘතික වෙනස්වීම.
ජාතික හා ප‍්‍රාදේශීය සංස්කෘතික කණ්ඩායම්වල ක‍්‍රියාකාරිත්වය හේතු කරගෙන මානව ,සමාජ සංවිධාන වල චර්යාත්මක වෙනස්වීම
               ආයුර්වේදය ද වසර 7500 පුරාවට කාලයත් සමග වෙනස් විය. මුලදී හෙළ වෙදකම පැවතිය ද පසුකාලීනව ඇතිවූ වෙනත් සංස්කෘතික බලපෑම් මත ඉන්දීය ආයුර්වේදය එක් වීමෙන් එය සිංහල ආයුර්වේද වෙදකම බවට පත් විය . කල්යත්ම චීන හා අරාබි සංස්කෘතික බලපෑම් ලැබීම මත එය සර්වාංග වෛද්‍ය ක‍්‍රමයක් දක්වා දියුණු විය . අද වෙනවිට එය දේශීය වෛද්‍ය ක‍්‍රමය බවට පත්ව ඇත .මෙය විශාල සංස්කෘතික වෙනස්වීමකි. ජාතික හා අන්තර්ජාතිකව ඇතිවූ මෙම වෙනස්වීම් වෛද්‍ය ක‍්‍රමය පුළුල් ක්ෂේත‍්‍රයක් කරා ව්‍යාප්ත කිරීමට සමත් විය . උක්ත විමර්ශනය අනුව පෙනෙන්නේ මොවුන් විසින් දක්වන ලද අදහස්  දේශීය වෛද්‍ය ක‍්‍රමයේ  අන්තර් සංස්කෘතික වෙනස්වීම් සිදුවූ බව  සත්‍යාපනය කරන බවයි.         
  
නිගමනය :
       දේශීය වෛද්‍ය ක‍්‍රමය මුලදී හෙළ වෙදකම ලෙස පැවතියත් පසුකාලීනව එය ඉන්දීය ආයුර්වේදයත් සමග මුසුවී සිංහල ආයුර්වේදය බවට පත්විය. පසුව චීන සහ අරාබි බලපෑම් ද ලැබීම  මත සර්වාංග වෛද්‍ය ක‍්‍රමයක් තෙක් දියුණු විය . අද වනවිට එය දේශීය වෛද්‍ය ක‍්‍රමය ලෙස හැඳින්වේx ඒ අනුව මෙය මුහුන් සංස්කෘතික බලපෑමක් මත බිහිවූ නවතම ශාස්ත‍්‍රයකි.
දේශීය වෛද්‍ය ක‍්‍රමයේදී භාවිත වන මුලික ප‍්‍රතිකාර ක‍්‍රම සියල්ලම පාහේ එක් එක් සංස්කෘතීන්    වලින් සම්පේ‍්‍රෂණය වූ වෛද්‍යයාංගයන් මිස  හුදෙක් මෙරටදීම නිර්මාණය වූ ඒවා නොවේ.
වර්තමානය වනවිට වෙද නලාව, එක්ස්- රේ යන්ත‍්‍රය වැනි බටහිර වෛද්‍ය පරීක්ෂණ උපකරණ සහය කරගෙන ද රෝග නිශ්චය කරනු ලැබේ.
මෙරට වෛද්‍ය ක‍්‍රමයේ දියුණුව සහ විකාශනයේදී අන් සංස්කෘතීන්ගෙන් අන්තර් සංස්කෘතික බලපෑමක් සිදුවී ඇත.
 ගැටළු ;
වෛද්‍ය ශාස්ත‍්‍රය පිළිබද දැනුම ලබාගත හැකි පාරම්පරික වෛද්‍ය පරම්පරාවන් දුලභ වීම.
එම පරම්පරා වල මුල් වෙදමහතුන් මියයාමත් සමග නාඩි විද්‍යාව ,නිල ශාස්ත‍්‍රය සම්බන්ධ  පාරම්පරික දැනුම ද ගිලිහී ගොස් තිබීම.

  යෝජනා     :
දැනට පරම්පරා වල මුල් වෙදමහතුන් මියයාමත් සමග වියැකී යන පාරම්පරික වෛද්‍ය දැනුම සංරක්ෂණයට කටයුතු කිරීම.
ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය පවත්වාගෙන යාමට අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදීම කෙරෙහි ක‍්‍රමයක් සැකසිය යුතුය .
ආයුර්වේද ප‍්‍රතිකාර ලබාගත හැකි සුදුසුකම් ඇති වෛද්‍යවරුන් සහිත රෝහල් ගණන වැඩි කිරීම.