Wednesday, June 14, 2017

                                   මොබයිල්කරණය වූ තාරුණ්‍යය

 ජංගම දුරකථනය කලක් සීමිත පිරිසක් අතර පමණක් සැරිසරන උපකරණයක් බවට පත්ව තිබිණි.අද වනවිට එය නැතිවම බැරි සන්නිවේදන උපකරණයක් වී හමාරය .සමාජ තත්වය පෙන්වීමට මෙන්ම අවශ්‍යතාවය උදෙසා ද භාවිත කරන උපකරණයක් ලෙස එය සමාජගත වී ඇත.වර්තමානයේදී ජංගම දුරකතනයක් භාවිත නොකරන්නෙකු සෙවීම නොමළ ගෙයකින් අබ මිටක් සොයනවා වැනිය.ජංගම දුරකථන පරිශීලකයන් අතරින් බොහොමයක් තරුණ තරුනියෝය .තාරුණ්‍ය සතුව ඇත්තේ අවශ්‍යතාව ඉක්මවා ගිය අධි පරිභෝජනයකි.එනම් තාරුණ්‍යය මොබයිල්කරනය  වී ඇත.එදිනෙදා සියලු ගනුදෙනු හා සියුම් මනුෂ්‍ය සබඳතා පවා සිදුවන්නේ දුරකථනයෙනි.ඔව්නට ජංගම දුරකථනය එකම ලෝකයකි.ඒ තුළ සියලුදෙනාම තම දුරකථන තිරයට පමණක් සීමා වී ඇත.සමහරු තනිවම තවත් අයෙක් මුමුණති.සියලු දෙනාටම තමන්ටම අනන්‍ය වූ මොබයිල්කරණය වූ ලෝකයක් ඇත.දක්නට ඇති නවතම ප්‍රවනතාවය නම්මනුෂ්‍ය සබඳතා පෙරට වඩා තුනිවු ස්වභාවයකට පත්ව තිබීමයි.තමා අසල සිටින පුද්ගලයාව  පවා නොහඳුනන තැනට මොබිල්කරන්‍ය වූ සමාජයේ මනුෂ්‍ය සබඳතා පත්ව ඇත.

      සාම කෙනෙකුටම කාලය ගත කිරීමට චැට් කිරීමට මුහුනුපොතේ යහළුවෝ සිටිති දවසින් දවස ෆොටෝ අප්ලෝඩ් කිරීම සහ ලයික් කිරීම කමෙන්ට් කිරීම චැට් කිරීමෙන් එහා මනුෂ්‍ය සබඳතාවයක වටිනාකම පවත්වා ගනීමට නොහඳුනන තැනට තරුණ තරුණියන් පත්ව ඇත. මෙය එක අතකින් සමාජ ව්‍යසනයකි.මන්ද මිනිස්කම හෝ තවකෙකුගේ සිතුවිලි පිලිබඳ නොදැනීම සමාජයක පැවැත්මට එල්ල වන ප්‍රබල බාධාවකි.මිනිසා තවත් අයෙකු කෙරෙහි පවතින දැනීම අඩුවීම හා අදහස් සියල්ල මොබයිල්කරණය වීම ලෝකයේ පැවැත්මට ද බාධාවක් වනු ඇත.තම අදහස් ප්‍රකාශ කිරීම සහ උපන්දිනයට සුබ පැතීමත් උදෑසනට සුබ පැතීමත් මොබයිල්කරණය වී ඇත.එය අද ප්‍රබල සන්නිවේදන රටාවක් බවට පත්ව ඇත.facebook ,twitter හෝ smart ජංගම දුරකතනයක් පරිහරණය නොකරන්නෙකුට නැතිනම් viber හෝ facebook සාමාජිකයෙකු නොවන අයෙකුට එදිනෙදා තොරතුරු සෙවීම යනු කළුනික සෙවීමකි.එතරම් දුරට මොබයිල්කරණය තරුණ ජීවිත සංකීර්ණ භාවයට පත්කර ඇත.එනම් තරුණ පරම්පරාවට සිනාසීමට හෝ කතාකිරීම උගැන්වීමට සිදුවන දිනය වැඩි ඈතක  නොවනු ඇත.එහෙත් වටහාගත යුතු දෙය නම් මොබයිල්කරන්‍ය වීමට වඩා තරුණ තරුණියන් ලෙස දුරකථන තිරයෙන් එහා ලෝකය පිළිබඳව ද සංවේදී වෙමින් අපේ මිනිස්කමේ ගුණ සුවඳ ද තබාගැනීම වැදගත් බවය .එය තාක්ෂණයෙන් මැරිය යුත්තක් නොවේ.
                                                                                           
 
   

                                                                                                    






2100 වනවිට දුපත් රැසක් ගිලී යාමේ අවදානමක

මුහුදු මට්ටම ඉහළ යාම නිසා ලෝකයේ දුපත් රාජ්‍යයන් කිහිපයක් ගිලී යනු ඇතැයි හදුනාගෙන තිබෙනවා. 1870 සිට මේ දක්වා ගෝලීය වශයෙන් මුහුදු මට්ටම අඟල් 8 කින් ඉහළ ගොස් තිබෙනවා .මේ නිසා බොහෝ ජනයා වෙරළබඩ ප්‍රදේශ අතහැර උස්බිම් කරා සංක්‍රමණය වී ඇත. විද්වතුන්ට අනුව වසර 2100 වනවිට දැනට පවතින මුහුදු මට්ටම අඟල් 16 සිට 56 දක්වා ඉහළ යනු ඇතැයි සොයාගෙන තිබේ .කිරිබතී,මාලදිවයින , සි ෂෙල්ස් ,ටොරෙස් ස්ට්‍රටේ අය්ලන්ඩ්ස් ,සොලමන් ,මයික්‍රොනීසියා ,කාට්‍රට් එම දුපත් රාජ්‍යයන් වේ.හවායි සහ ඔස්ට්‍රේලියාව අතර මුහුදු මාර්ගයේ පිහිටා ඇති කිරිබතී දුපත් මේ අතරින් වැඩිම අවදානමකට ලක්ව ඇති දුපත් රාජ්‍ය ලෙස සැලකේ .මුහුඳු කාදනය නිසා මෙම දුපතේ තෙබුන්ගිනාකෝ ගම්මානයේ වැසියන්ට තම ගම්බිම් අතහැර දැමීමට සිදුව ඇත .කිරිබතී දුපත මුහුඳු මට්ටමට වඩා මඳ උසකින් යුත්  කොරල් දුපත් 32 කින් සමන්විත වේ . ලොව මුහුඳු මට්ටමේ සිට අඩුම උසකින් පිහිටා ඇති රාජ්‍ය ලෙස සැලකෙන මාලදිවෛන ද මේ අවදානමට මුහුණ පා ඇත.මුහුඳු මට්ටම අඟල් 36 කින් පමණ ඉහළ ගිය විට මාලදිවයින තවදුරටත් මෙලොව ජීවත් වීමට සුදුසු රාජ්‍යක් ලෙස සැලකේ.සි ෂෙල්ස් රාජ්‍යට ද එරට වෙරළ තීරයෙන් විශාල තීරයක් අහිමි වී තිබේ .ටොරෙස් ස්ට්‍රෙට් අයිලන්ඩ්ස් දුපතේ කොටසක් වන ටෙගුවාහි වෙසෙන ජනතාව 100 ක් පමණ ලොව ප්‍රථම දේශගුණික විපර්යාස අනාථයන් ලෙස නම්කර ඇත. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි.මෙලෙස දුපත් රැසක් මුහුඳු මට්ටම ඉහළ යාම නිසා තම දුපත් සේදී යාමේ තර්ජනයට මුහුණ පා ඇත.       
                                                                                        (පුවත්පත් ලිපියක් ඇසුරිනි )



Tuesday, June 6, 2017

සන්නාළියනේ

ඇඳුම් පොඩි ගොතන්නට
දියකරන ජීවිතය
දයාබර යෙහෙළියනේ
ඔබට බර නැතිවද
මැෂිමේ ඉදිකටු තුඩට
රිදුම් දෙන ඔබේ දෑතේ
රිදුම නොදැනෙන සේ ඉන්නේ 
ඔබ නිසා හුස්ම ලත්
ඒ ඈයො හින්දා ද
ඔබ වියන කසී සළු
ගෙනෙයි රන් යස ඉසුරු
ඒ වුනත් ගිනියම්වූ ගෙන්දගම් කොළොම්තොට
දිවා රෑ ඉකිබිඳින ඔබේ පැතුම් 
කඳුළු කැට
වියන්නට හැකිවෙයිද
ඒ සිනිදු සළුව මත
අසන්නට ඔබේ හඬ නැත සවන් 
විවර වී
දිනනු මන දිවි සටන
අදිටනම සිතට ගෙන
එය වේය පිළිසරණ
ඔබේ කඳුළු කතාවට
සිනා රැළි අතුරන්න


 අප්පච්චී

මෙළොව එළිය දුටු ද පටන්
දරුවන්ට එළිය දෙන
පහන් ටැඹ ඔබය
වී වෙහෙස තුන්සිය හැටපස් දවස
දා කඳුළු බිඳු දියකර 
 තැනූ සත්මහල මත
දරු පැටවු හිඳුවන්න
කාස්ටක මහා පොළව
පෙරළු රජු ඔබය
කන්තෝරු මේසයේ  මහා විසල් කඩපලේ
ගිනියම්ව රත්වෙනා රළු පරළු මහ පාරේ
වැඩබිමේ කම්හලේ කළුවරේ පතල් යට
දරුවන්ට ජීවිතය සොයන්නේ ඒ  ඔබය
ඒ කඳුළු දාඩියෙන් නිමවනා කාසියෙන්
 ඔබේ පැටවූ මුතු මැණික් ලෝකයක් තනන විට


හදවතින් හිනැහුණේ ඔබ පමණි අප්පච්චී