Friday, August 11, 2017






                ජීවිතයට වැට බඳින මාරයා ඩෙංගු

මොහොතක් සිතන්න 

    මෙරට පවතී තිස් අවුරුදු යුධ්දයටත් වඩා මරණ බිය ඇති කරමින් ව්‍යසනයක් නිර්මාණය කිරීමට ඩෙංගු රෝගයට හැකිවිය .අද වනවිට ඩෙංගු උණ රෝගය දිවයිනේ දිස්ත්‍රික්ක 12ක් පුරා පැතිර යමින් තිබේ .ලංකාවේ වාහක රෝග අතර ඩෙංගු ලයිස්තුවේ  ඉහලින්ම සිටින වාහක රෝගයකි.ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම වාර්තා කිරීම් වලට අනුව ගෙවුණු මාස කිහිපය තුළ මෙරට ඩෙංගු රෝගීන් 90 ,000 ක් වාර්තා වී ඇත.මෙම කුඩා මඳුරුවා මාස හයක් පුරාවට මෙරට ජන ජීවිතය උඩු යටිකුරු කරමින් ජීවිත බිලිගනිමින් සිටී. ලෝක තත්වය සලකා බලන විට යුරෝපා හා ආසියානු රටවල් ද ඇතුළුව රටවල් විශාල ප්‍රමාණයක පැතිර යමින් තිබේ.දියුණු යුරෝපා රටවල් සාර්ථක ක්‍රමවේද යොදා ගනිමින් තත්වය පාලනය කළ ද බිලියන 2.5 ක පමණ ජනතාවක් වෙසෙන දකුණු හා ගිනිකොනදිග ආසියානු රටවල් සියයක පමණ ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ පැතිර යාමේ අවදානමක් මතුව තිබේ.ලෝකවාසී ජනතාවද සිටින්නේ අවදානම් තත්වයක ය .  මෙහි වරද ඇත්තේ ඩෙංගු මදුරුවා අත නොව මදුරුවන්ට වාසස්ථාන සපයන අප අතම ය.
       ඩෙංගු රෝගය වය්රසයක් මගින් ඇති කරන රෝගයකි.දැනට මෙරට මදුරු වර්ග 140ක් පමණ සිටියත් ආසාධිත ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් අල්බෝපික්ට්ස් යන මදුරු දෙවර්ගයේ ගැහැණු මදුරුවන්  රෝග වාහකයන් ලෙස ක්‍රියා කරයි.ඩෙංගු රෝගය කිසිසේත්ම එක් රෝගියෙකුගෙන් තවත් රෝගියෙකුට බෝ  නොවේ.නමුත් මදුරුවාගේ ශරීරය තුලට ඩෙංගු වයිරසය ඇතුළු වන්නේ ඩෙංගු රූගියෙකුගේ ශරීරයෙන් රුධිරය උරා බොන අවස්ථාවේදීය .වයිරසය ශරීර ගතවී සතියකින් පමණ තවත් පුද්ගලයෙකුට වෛරසය බෝ කළ හැකි මට්ටමට මදුරුවා ආසාධිත තත්වයට පත්වේ.එවැනි මදුරුවෙක් නිරෝගී පුද්ගලයෙකුට දෂ්ට කළ විට ඩෙංගු වයිරසය ඔහුගේ හෝ ඇයගේ රුධී රයට එක්  වේ . රෝගය බෝ වීමේදී ප්‍රධාන වශයෙන් den1,den 2 ,දෙන3 ,දෙන4 ලෙස  වෙනස් ආකාරයේ වයිරස හතරක් ලෙස ක්‍රියා කරයි.තත්වය මේ තරම් සංකීර්ණ වී ඇත්තේ ද මේ නිසා ය .නමුත් රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේ මදුරු ගහණය වැඩි වීම හේතුවෙනි.  
      පළමු වරට මෙරට රසායනාගාර පර්යේෂණ මගින් ඩෙංගු යයි සහතික කළ රෝගීයෙකු  පිලිබඳ වාර්තා වුයේ 1962 වසරේදීය .1965 -1966 වසර වලදී ඩෙංගු වසංගත තත්වයක් වාර්තා වුවද ඩෙංගු රක්තපාත රෝගීන් සිටියේ කිහිප දෙනෙකි.නමුත් 1970-1980 දශක වනවිට ක්‍රමක්‍රමයෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය වැඩි වී ඇති අතර ඩෙංගු වසංගත තත්වයක් ද ඇතිවූ බව වෛද්‍ය පර්යේෂණ ආයතනය කළ පර්යේෂණ වලින් තහවුරු වී තිබේ .ඩෙංගු වයිරස කාණ්ඩ හතරම මෙරට පැතිර ගියත් පළමුවරට 1989-1990 කාල වකවානුවේදී 3 වන වයිරස් කාණ්ඩය නිසා ඩෙංගු රක්තපාත හා ඩෙංගු කම්පන සහිත වසංගත තත්වයක් වාර්තා විය .මෙය වසර කිහිපයක් තුළ කෙතරම් ඉක්මනින් ව්‍යාප්ත වුවේ ද කිවහොත් 1996 වසර වනවිට ඩෙංගු රෝගය අනිවාර්යෙන්ම දැනුම් දිය යුතු රෝග ලැයිස්තුවට එකතු කරන ලදී.ඒ අතර වඩාත් ත්‍රීව ඩෙංගු රක්තපාත හා කම්පන තත්ත්ව සහිත වූ වසංගත තත්වයන් ලංකාව තුළ වාර්තා විය .
           වර්තමානය වනවිට වසර පුරාම ඩෙංගු වයිරසය ක්‍රියාත්මක වේ.ප්‍රජා වෛද්‍ය විශේෂ ප්‍රසිලා සමරවීර මහත්මිය පවසන ආකාරයට මේ වනවිට දිවයිනේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළුව බස්නාහිර පළාත පුත්තලම ගාල්ල මාතර යාපනය මහනුවර යන ප්‍රදේශවල ඩෙංගු රොගීන් වැඩි පරමානයක් වාර්තා වී ඇත.2016 වසරේදී රෝගීන් 55000 ක් වාර්තා වී ඇත .එය වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය ලෙස සලකනු ලැබුවද මේ වසරේදී එම ප්‍රමාණය ද අභිබවමින් රෝගීන් 90000 දහසකට බලපෑම් කිරීමට තරම්  ඩෙංගු මදුරුවා මෙරට තුළ ව්‍යාප්ත වී තිබීම තවත් ඩෙංගු මරණ ඇති වීමට මුලාරම්භයක් පමණි. සාමාන්යෙන් ඩෙංගු රෝග වාහකයාගේ හැසිරීම අනුව වසරේ මැයි සිට ජුලි දක්වා නිරිතදිග මෝසම අතරදී ද වසර අග ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වා කාලයේදී ඊසාන දිග මෝසම් වැසි ආශ්‍රිත කාලයේදී වැඩි ක්රියාකාරීත්වයක් පෙන්නුම් කරයි.
               වඩාත් වදගත් වන්නේ රෝගය වැළදුණු පසු පිළියම් යෙදීමට වඩා පුඋර්ව සුඋදානම මගින් රෝගය වලක්වා ගැනීමයි.අවදානමට පෙර සුදානම ඩෙංගු රෝගය කෙරෙහිද ඉතා වැදගත් වේ.ඇතිවී තිබෙන අවදානම් සහගත තත්වය මත ඩෙංගු මර්දනය කිරීමට විවිධ ක්‍රම ක්‍රියාත්මක වෙමින් පවතී . ඩෙංගු රෝගියෙකු වාර්තා වූ වහාම තවත් රෝගීන් එම ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ නම්   පැය විසිහතරක් ඇතුළත අදාළ ප්‍රදේශය දුමායනය කිරීම සිදුවේ .අවට ප්‍රදේශයේ සිටින මදුරුවන් විනාශ කිරීම මෙහි අරමුණ වී ඇත.ජාතික ඩෙංගු මර්ධන ඒකකය මගින් මේ පිලිබඳ  විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී.මෙරට ඩෙංගු රෝගය සම්බන්දයෙන් එම ඒකකය සක්‍රීයව ක්‍රියාත්මක වේ.ඔස්ට්‍රේලියාව සහ සිංගප්පුරුව වැනි දියුණු රටවල නව ජිව පාලන ක්‍රමවීදයකින් බැක්ටීරියාවක් යොදාගන  මදුරු ගහනය පාලනය කිරීම සිදු කරයි.මෙයbti බක්ටෙරියාව මෙන් නොවුව   ස්වාභාආවිකවම කෘමීන්ගේ ශරීරයේ අඩංගු  බැක්ටීරියා විශේෂයක් වන අතර ඊඩිස් ගනයේ මදුරුවෙකුට බැක්ටීරියාව ඇතුල් කිරීම මගින් ඩෙංගු වයිරසය මදුරුවා තුළ ක්‍රියාත්මක නොවන තත්වයකට පත්වේ.නමුහ් මෙඅ දිගුකාලීන ක්‍රමවීදයකි. දැනට මෙරට ප්‍රධාන මදුරු මර්දන ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක වේ .ඒ යටතේ සිදුවන පරිසර කළමනාකරණය තුලින් පරිසර තත්ත්ව සංශෝදනය මදුරුවන් හා ගැටීම අවම කිරීම ප්‍රජාවගේ හැසිරීම වෙනස් කිරීම සිදුවේ.ලෝකයේ වඩාත් ප්‍රචලිත ජීව විද්‍යාත්මක ක්‍රම මගින් කීටයන් පාලනය කිරේම ද දැනට බහුලව සිදුවේ.එය වඩාත් හිතකාමී ක්‍රමවේදයක් වන්නේ ස්වාභාවිකවම කීටයන් පාලනය කළ හැකි බැවිනි.මදුරු කීටයන් ආහාරයට ගන්නා සතුන් හෝ ඔවුන්ගේ ක්‍රියාවලිය අඩපන කරන සතුන් භාවිත කරන අතර ගප්පි නලහදයා වැනි කීට භක්ෂක සතුන් ජාල ටැංකි වලට යෙදීම බහුලව සිදුවේ.රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් මදුරුවන් පාලනය කිරීම අත්‍යවශ්‍යම අවස්තාවකදී හැර නිතර නිතර භාවිත නොවේ.මෙරට දැනට වැඩිහිටි මදුරුවන් මර්ධනය කිරීම  සඳහා රසායන  ද්‍රව්‍ය අවකාශයට එක කිරීම  සිදු කරයි.
ම ක්‍රම මගින් විද්‍යාත්මකව මදුරුවන් පාලනය කිරීමට අවකාශය සලසා ගත හැකි වුවද  එය කොතෙක් දුරට රෝගය පාලනය කිරීමට සමත් වී  තිබේ ද යන්න ගැටලුවකි.
        මේ සඳහා වන ප්‍රමුහ්කතම අවශ්‍යතාවය මතු වන්නේ මෙහිදීය . ප්‍රජා විශේෂ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය පවසන ආකාරයට මදුරු ගණත්වය අඩු කළ යුතු යයි  දැනුම්වත් වී සිටිය ද ප්‍රජාව තුළ එය කෙතරම් දුරට ඉටුවී තිබෙනවාද යන්න දැනට රෝගය පාලනය කිරීම සම්බන්ධයෙන් මතු වී ඇති ප්‍රධාන ගැටලුවයි.ලාංකික ප්‍රජාව මෙම උවදුරෙහි භයානක බව හා ඒ සම්බන්ධයෙන් තමාට ඇති සමාජ වගකීම හඳුනා ගැනීම ප්‍රධාන අවශ්‍යතාවය වී ඇත.නමුත් මෙරට ඩෙංගු පාලනය සම්බන්දයෙන් ඉටුවී නැත්තේ ද ප්‍රජාවගේ ස්වය සහභාගීත්වය නොමැතිකමයි.බොහෝ පිරිස් ඩෙංගු රෝගය ගැන හෝ එහි භයානක බවත් රෝගයේ  ස්වභාවය පිළිබඳත් නොදනී.රෝග ලක්ෂණ මතු වුවද ප්‍රතිකාර නොගනෙම නිසා වැඩි පිරිසක් මරණයට පත්වේ.ජාතික ඩෙංගු මර්දන ව්‍ඒකකයේ ජාතික සම්බන්දීකාරක හසිත තිසේරා මහතා පවසන්නේ අත් බෙහෙත් හා වෙනත් ප්‍රතිකාර කිරීම නිසා අනිසි ප්‍රතිපල ඇති විය හැකි බවයි.නිවැරදිව රෝගය හඳුනාගෙන රජයේ රෝහලක් තුළ ප්‍රතිකාර වලට යොමු වීමෙන් සංකූලතා වලක්වා ගත හැකිය.එය ඩෙංගු රෝගයෙන් මිදීම සඳහා ගතයුතු වැදගත් තීරණයකි.වෛද්‍ය ප්‍රතිකාර සංදහාඅ යොමු වීමේදී තරුණ පිරිස් ඒ සඳහා යම් මැලිකමක් දක්වනු පෙනේ. නමුත් ඩෙංගු මාරයාට වයස ඉලිබඳ ගැටළුවක් නොමැත.මේ වනවිට ඩෙංගු මරණ ප්‍රතිශතයදක්වා  සියයට 0.3  පහළ ගොස් තිබුන ද මියගිය ඩෙංගු උණ රෝගීන් අතර වයස අවුරුදු 5-19 අතර පිරිස 19%ක් ද වයස අවුරුදු 4ට අඩු දරුවන් 15% ක් ද වයස අවුරුදු 15-45 ත් අතර පුද්ගලයන් 15% ක් ද අවුරුදු 45 ට වැඩි වයස්ගත වුවන් 76% ක් ද වාර්තා වී ඇත

 වඩාත් වදගත් වන්නේ රෝගය වැළදුණු පසු පිළියම් යෙදීමට වඩා පුඋර්ව සුඋදානම මගින් රෝගය වලක්වා ගැනීමයි.අවදානමට පෙර සුදානම ඩෙංගු රෝගය කෙරෙහිද ඉතා වැදගත් වේ .මේ සඳහා අවශ්‍ය වන්නේ ප්‍රජාවගේ සහභාගේත්වය හා දැනුවත් භාවයයි.සාම සිකුරාදා දිනයක්ම හෝ සතියකට එක දිනයක් තම වටපිටාව පිරිසිදු කිරීම සඳහා යොදාගත යුතුය.තමතමන් ස්වයං ක්‍රියාත්මක වීමක් වන විට පොදුවේ සමස්ත පරිසරයම පිරිසිදුවේ.ඩෙංගු මදුරුවන්ට වාසස්ථාන සැපයීම මදුරු ගහනය වැඩි වීමට බලපාන ප්‍රධාන කරුණකි.මෙහිදී කසළ නිසි පරිදි කලමානකරණය කිරීම වැදගත්ය .ඩෙංගු මදුරුවා ව්‍යාප්ත වන්නේ නොදිරන ද්‍රව්‍ය නිසා ය.පොලිතින් ,ප්ලාස්ටික් භාජන ,යෝගට් කෝප්ප .විවිධ ඇසුරුම් වර්ග ,ටින් වර්ග වැනි නිවසින් හෝ කාර්යාලයෙන් හෝ පාසලේ විශ්වවිද්‍යාලයෙන් තේරීමක් නොමැතිව අවිධීමත්ව පරිසරයට මුදා හරින කසළ  වර්ෂාවත් සමගම ජලය හා මුසු වීමෙන් ඩෙංගු මදුරුවාට බිත්තර දැමීමට අවශ්‍ය පසුබිම සකසයි.පුළුස්ස දැමීම ,ප්‍රතිචක්ක්රීයකරණය,වෙන් වෙන්ව කසල බැහැර කිරීම කළ යුතුය.පරිසරය පිරිසිදුව තබා ගැනීම පරිසර කළමනාකරණයට උපකාරී වේ.තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගැනීම් ද වැදගත් ය. හැකි සෑමවිටම උදෑසනට හා සවස් කාලයේදී මදුරු විකර්ෂක ආලේපයක් ආලේපනය කිරීමෙන් මැඳුරු දෂ්ටනය වලක්වා ගත හැකිය.නිවසේ හෝ කාර්යාලයේ ජනෙල් වලට ගනකම් තිර යොදා ගැනීමෙන් ද මදුරුවන් ඇතුල් වේම වලක්වා ගත හැක. මෙම රෝගයේ භයානක බව පිලිබඳ නිරන්තරව ජන මාධ්‍ය ,පෝස්ටර් ,අත්පත්‍රිකා ,නිවේදන මගින් ජනතාව දැනුම්වත් කිරීම  ද ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර වලට එරෙහි නිසියාකාරව නීය්තිය ක්‍රියාත්මක කිරීම ද වැදගත්ය .එමෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම් වලදී අවිදිමත් ඉදිකිරීම් නොකිරීම ද කානු පද්ධති  අවහිර  නොකිරීම ද අවධානයට යොමු කළ යුතු වේ. ප්‍රජාව ලෙස ජාතික ගැටළුවක් ලෙසත් තම ජීවිත අයිතියට එරෙහිව එල්ල වූ  තර්ජනයක් යයි සිතා බරවා රෝගය තුරන් කළා මෙන්ම ඩෙංගු ද තුරන් කිරීම සඳහා ද  ප්‍රජා සහභාගීත්වයෙන් සමාජය බලගැන්විය යුතුය. 
                      ලෝක උරුමයේ නොදත් කතාව
                       
                                             දඹුලු ඔයෙන් ඉස් සෝදා නාප          ල්ලා
                               සැරසුම් ගලට ගොස් සැරසී පලය      ල්ලා
                               පඩියෙන් පඩිය ගල් පඩිපිට නැගප    ල්ලා
                               දහසක් පෙති පිළිම දොර ඇර වැඳප  ල්ලා
        
 ශ්‍රී ලංකාව තරම් ස්වභාව සෞන්දර්යයෙන් මෙන්ම ඓතිහාසිකව ද එකසේ දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇද බැඳගත් රටක් තවත් නැති තරම්ය.දඹුලු විහාරය ලෝකය හදුනා ගන්නේ ලෝක උරුමයක් ලෙස ය.ඉහත සඳහන් වන්නේ මාතලේ ජනකවි පොතේ දඹුලු විහාරය පිළිබඳ දැක්වෙන කවියකි.එදා මෙන්ම අදත් දිනපතාම සැදැහැවතුන්ගෙන් සහ දෙස් විදෙස් සංචාරකයින්ගෙන් රංගිරි දඹුලු පින්බිම නොමඳ බුහුමනට ලක්වෙයි. මේ දිනවල ඒ පිළිබඳ වැඩිපුර කතාබහට ලක්වන්නේ එය ලෝක උරුමයෙන් ඉවත් කිරීමේ තර්ජනයට මුහුණපා ඇති නිසා ය.දේශපාලන වේදිකාවේ ද දඹුලු විහාරය උණුසුම් සංවාද ඇති කරන ඉතා ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව ඇත .කෙසේ වෙතත් බෞද්ධයන්ගෙ නොමඳ ගෞරවයට පාත්‍ර වු මේ පින්බිමට ඇත්තේ දිගු ඉතිහාස කතාවකි.මේ සටහන තබන්නේ බොහෝදෙනෙකු නොදන්නා එම ඉතිහාසය කතාව ගෙනහැර දැක්වීම සඳහා ය.
  රංගිරි දඹුලු රජමහා විහාරය පිහිටා ඇත්තේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ උතුරට වන්නට ය. දඹුලු විහාරය දැකබලා ගැනීමට එන අයෙකුට මාර්ග කිහිපයක් ඔස්සේ මේ වෙත ළඟා විය හැකියි.මහනුවර හරහා විත් දඹුල්ල- මාතලේ පාරෙන් හෝ කොළඹ සිට කුරුණෑගල හරහා විත් දඹුල්ල පිරිවෙන හන්දියෙන් හැරී දඹුලු විහාරය වෙත පිවිසිය හැකියි. අද වනවිට දඹුලු විහාරය “උයන්වත්ත රජමහා විහාරය” හෙවත් ”ගෝල්ඩන් ටෙම්පල්“ සහ “පැරණි දඹූලු ලෙන් විහාරය” ලෙස කොටස් දෙකකින් යුක්ත ය. දඹුලු ලෙන් විහාරය අඩි 600 පමණ උසින් පිහිටි ගල් පර්වත සමූහයක් මත පිහිටා ඇත.මෙහි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්ත කොටස ලෙස හැඳින්වෙන්නේ ද මෙයයි.
    ඓතිහාසිකව මෙන්ම පුරාවිද්‍යාත්මකව ද දර්ශනීය ස්වභාවික පරිසරයකින් හෙබි දඹුලුු ලෙන්    විහාරය මෙහි වැදගත්ම ස්ථානයයි.මෙය ලක්දිව විශාලතම සංරක්ෂිත ලෙන් විහාර සංකීර්ණය ලෙස සැලකේ.අතීතයේදී මෙම ප්‍රදේශයේ දඹ ගස් බහුලව පිහිටීම නිසා දඹුල්ල වූ බවත් තවත් මතයක දඹ උල් බහුලව තිබීම නිසා දඹුල්ල වූ බවත් කියවේ.මෙම විහාරයේ ඇති දඹුලු ලෙන් යෝගාවචර භික්ෂූන් වහන්සේලාගේ වාසස්ථාන වී තිබූ බව අවට පිහිටා ඇති ගල් ලෙන් වල කොටා ඇති සෙල්ලිපි වලින් තහවුරු වේ. අතීතයේදී ජම්බුකෝල, දඹකොළ,චතවන,චාතපබ්බත,වෙස්සගිරි,ස්වර්ණගිරිගුහා  ලෙෂ ද මෙම ස්ථානය හඳූන්වා ඇත.ජනප්‍රවාදයට අනුව “සීතා” නම් වැද්දෙකු විසින් මෙම ලෙන් සමුහය වලගම්බා රජුට  පෙන්වා ඇති අතර රජතුමා විසින් මෙය විහාර මන්දිරයක් බවට පත් කරවා සිව් දිසාවේ සංඝයාට පූජා කර ඇත. පසුකාලීනව 1848 කැරැල්ලට නායකත්වය දුන් ගොන්ගාලේගොඩ බණ්ඩාට ඔටුනු පළඳවා ඇත්තේ ද මෙහිදී ය.එවකට  මෙම විහාරයේ වැඩ විසූ ගිරානේගම ඉන්ද්‍රජෝති හිමියෝ එහි මුලිකත්වය ගෙන ඇත. දඹුලු ලෙන් විහාරයට පන්සල් හතරක අයිතිය පවතී.මැද පන්සල,ඉහළ පන්සල හෙවත් රංගිරිපාය,උයන්වත්ත මහා විහාරය හා උයන්වත්ත පුරාණ විහාරය යනු ඒ සතරයි.1848 කැරැල්ල නිසා ඉන්ද්‍රජෝති හිමියන් සමඟ උරණ වූ ඉංග්‍රීසි පාලකයෝ මෙම විහාරයන්හි අයිතිය මහනුවර අස්ගිරියේ මූල මහා විහාරයට පවරන ලදුව දඹුලු විහාරයේ විහාරාධිපතිත්වය අස්ගිරි මහා විහාරය දරතු ලබයි.භාරකාර ධූරය සඳහා පන්සල් හතරටම අයිති හිමිනමක් විහාරාධිපති හිමියන් විසින් පත් කරනු ලබයි.
      ලෙන් විහාරය නැරඹීමට යන අයෙකුට දඹුල්ල උයන්වත්ත රජමහා විහාරය අසලින් මීටර සියයක පමණ දුරක් ආ විට හමුවන දඹුලු ලෙන් විහාරය දෙසට යන මාර්ගයේ ගමන් කළ යුතුය.නැතිනම් ගෝල්ඩන් ටෙම්පල් හරහා මෙම ගමන් මඟට පිවිසිය හැකිය.මෙම මාර්ගයේ  ගමන් කරන්නෙකුට මෙය වන්දනා ගමනක් නොව අපූර්ව ලෙස ස්වභාව සුන්දරත්වය විඳගැනීමට ලැබුණු අවස්ථාවක් ද වනු ඇත.රාත්‍රී කාලයේ සංචාරය කරන්නෙකුට දහවල් දාහය  නිවා දමන සිසිල් සුළඟ ගෙනෙන්නේ නොමඳ සැනසිල්ලකි. මඳ දුරක් පා ගමනින් යන විට දඹුලු ගල හමුවේ.මෙහි නැඟීමෙන් පසු ගල් අතුරා ඇති මාර්ගය ඔස්සේ විහාරය තෙක් ගමන් කළ යුතුය.නැතිනම් දඹුලු ගල නැඟ පියගැට පෙළ ඔස්සේ ද ලෙන් විහාරය කරා ගමන් කළ හැකිය. මේ මාවත් දෙකේ යන්නෙකුට විඳගත හැක්කේ වෙනස්ම ආකාරයේ අත්දැකීමකි . විහාරයට පසෙකින් ඇති දහයියා කන්ද ද මේ ගමන් මාර්ගයේ යන්නෙකුට හමුවෙයි.  විහාරය  ගොඩ නැඟීමට ආ පිරිසට කෑමට දීමට කෙටූ වී වල දහයියා ගොඩ ගැසීමෙන් ගල් බවට පත්ව මෙම දහයියා කන්ද නිර්මාණය වු බව ජනප්‍රවාදයේ එයි.
    මේ සියල්ලම පසුකර විත් විහාරයේ දර්ශනීය වාහල්කඩෙන් ගොඩවෙන අයෙකුට මෙම රමණීය ලෙන් විහාරයට ඇතුල් විය හැකියි.කටාරම් සහිත ගල් ලෙන් පහක් මෙහි බුද්ධ මන්දිර ලෙස සකස් වී ඇත.මෙම විහාර මන්දිරයට ඉදිරියෙන් පිහිටා ඇති පොකුණ සහ වැඩ සිටිනා බෝධීන් වහන්සේ විහාරයට එක් කරන්නේ අමුතු ආලෝකයකි.ලෙන් විහාරය ඇතුල් වනවිට පිළිවෙළින් හමුවන්නේ දෙව්රජ විහාරය, මහරජ විහාරය, අලුත් විහාරය, පශ්චිම විහාරය හා දෙවැනි අලුත් විහාරයයි. මේවා බුද්ධ මන්දිර ලෙස සකස වූ ලෙන් ය.මෙම ලෙන් වල විවිධ ඉරියව් වලින් යුක්ත බුද්ධ ප්‍රතිමා 151 ක් තිබේ.ගල්,ගඩොල් ,මැටි හා දැව මෙම පිළිම සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිත කර ඇත.විහාරයේ පර්වත වියන මෙන්ම වට ආවරණ බිත්ති ද සිතුවමින් අලංකාර කර ඇත.මෙ චිත්‍ර සඳහා වෙන් කර ඇති ඉඩ ප්‍රමාණය වර්ග අඩි 22000 කි. පොළොන්නරු සමයේ සිටම මෙම සිතුවම් නිර්මාණය කර ඇත්තේ නිලගම සිත්තර පරම්පරාව විසිනි.ඔවුන් සතුව ඇති “නිලගම සන්නස” තුළින් දඹුලු විහාරයේ සිතුවම් පිළිබඳ තොරතුරු රැසක් හෙළි වෙයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා නිලගම පරම්පරාවට ගම්වරයක්  ද පරිත්‍යාග කර ඇත.මෙහි පොළොන්නරු සමයට අයත්  චිත්‍ර කිහිපයක් ද වන අතර ඉතිරි ඒවා මහනුවර සමයට හා ඉන් පසු කාලයට අයත් ය.මේ සිතුවම්  තුළ බුදුුරජාණන් වහන්සේ වස් විසූ ස්ථාන, උපතේ සිට පරිනිර්වාණය දක්වා බූද්ධ චරිතයේ වැදගත් සිදුුවීම් ,මහින්දාගමනයෙන් පසුව ලක්දිව සිදුවූ ආගමික වශයෙන් වැදගත් සිදුුවීම්,සූවිසි බුද්ධ රූප, මහ රහත් රූප, විවිධ දෙවිවරුන්ගේ රූප, නෙලුම් මල් මෝස්තර,රැළි මෝස්තර මෙන්ම කොටු මෝස්තර ද මේ සිතුවම් අතර තිබේ. මහනුවර සමයේදී මෙරට වන්දනාමානයට ලක්වූ විශ්වකර්ම, සුමන සමන් ,බිසෝ බණ්ඩාර,ගණදෙවි,කතරගම ,විශ්ණු, ශක්‍ර මෙන්ම මාර දිව්‍ය පුත්‍රයාගේ රූපයක් ද මෙම චිත්‍ර අතර වෙයි. මහනුවර සමයෙන් පසු මෙම චිත්‍ර සංරක්ෂණය වී ඇතත් මේ වනවිට විහාර මන්දිර වල බොහෝ සිතුවම් මැකී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. සමහර ස්ථාන වල මැටි බදාමය ද ගැලවී ගොස් තිබේ. නමුත් මේ දිනවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් යළිත් සංරක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි පැවසීම මෙම ලෝක උරුමයට ආදරය කරන කාහටත් සතුටට කරුණකි.
    මෙහි ඇති පංචමහා විහාරයන් ද දෙස් විදෙස් වන්දනාකරුවන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වුවකි. මෙම විහාරය රංගිරි දඹුල්ල ලෙස ප්‍රකට වී ඇත්තේ ද නිශ්ශංකමල්ල රජතුමා මෙහි පිළිමවල රන් ආලේප කිරීමෙන් පසුව යැයි සැලකේ .අදටත් බොහෝ පිළිමවල එසේ ආලේපිත රන් ශේෂ වී තිබෙනු දැකිය හැකිය. මෙම විහාර මන්දිර සෑම එකක්ම පාහේ විශේෂ වැදගත්කමක් දරනු ලබයි. විහාර අතරින් පළමුව හමුවන්නේ දෙව්රජ විහාරයයි. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් නිමවන ලද නිසා ‘දෙව්රජ’ යන නම ලැබුණු බව ජනප්‍රවාදයේ එයි. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ රූපයක් ද මෙහි ප්‍රධාන දොර උළුවස්සට උඩින් නිමවා ඇත.සමහරුන් පවසන්නේ මහ රජුත් දෙව් රජුත් දෙදෙනාම එක්ව තැනූ නිසා මෙම නම ලැබුණු බවයි. මෙහි ප්‍රතිමා හතක් ඇති අතර පිරිනිවන් මංචකය දැක්වෙන පිළිමය එයින් ප්‍රධාන වේ. එම ප්‍රතිමාව අඩි 27 ක් දිගින් යුක්ත වන අතර රන් ආලේපිත ය. මෙය වළගම්බා රජ සමයේම කරන ලද පිළිමයකි. අඩවන් දෑස ,රැස්මාලා නොමැති හිස, ඇතුළට නෙරුණු කුස, පසුපසට ඇදුණු පාදය හා මඳක් ඉදිරියට ආ දණහිස යන පිරිනිවන් පිළිමයක හදුනාගත හැකි ලක්ෂණ පහම මෙහි දැකිය හැකිය.මෙම පිළිමයේ ශරීරාංගයන් වෙනුවෙන් වෙන වෙනම ගම් බිම් පූජා කර ඇත. නළලට-නළල්ගමුව,කන්වලට -කණ්ඩලම,ගිරියට-ගිරියගමුව, බඩට-බඩගමුව,පිටට-පිටගමුව, දෑලට-ඇළගමුව ආදිය පූජා කළ ගම් අතර වෙයි.
    දෙව්රජ විහාරයට පසුව හමුවන මහරජ විහාරය පිළිම සහ චිත්‍ර රැසකින් සමන්විත ය. දඹුලු විහාරයේ විශාලතම ලෙන් විහාරය ලෙස සැලකෙන්නේ ද මහරජ විහාරයයි.මෙම විහාරයේ දොරටු දෙකක් ඇති අතර මෙම ඕනෑම දොරටුවකින් ඇතුළු වන්නෙකුට හිටි පිළිම දෙකක් දැකිය හැකිය. ජනප්‍රවාදයට අනුව ඒවා වළගම්බා රජුගේ හා සෝමාවතී දේවියගේ පිළිම යැයි සැලකේ. වළගම්බා මහ රජතුමාගේ ප්‍රතිමාව උතුරු පසින් ඇති ප්‍රධාන දොරටුව ආසන්නයේ ඇත. දකුණු පස කෙළවර බිත්තිය ආසන්නයේ පසෙකින් පිහිටා ඇති තුන් තැනකින් වක් ගැසුණු පිළිමය නිශ්ශංකමල්ල මහ රජතුමාගේ යැයි සැලකේ. රජවරුන් තිදෙනෙකුගේම පිළිම දක්නට ඇති බැවින් මෙය හැඳින්වෙන්නේ මහරජ විහාරය නමිනි. විහාරය තුළ විශාල ඉඩකඩක් පවතින බැවින් දඹුලු විහාරය හා බැඳුණු විශේෂ ආගමික උත්සව එහිදී පැවැත්වේ. මෙම මහරජ විහාරය මධ්‍යයට වන්නට නොසිඳෙන ජල බිඳුව වෑස්සෙනු දැකිය හැකිය.වැඩිහිටියන් පවසන්නේ ගලේ ස්වාභාවිකවම පිහිටා ඇති පැලුමක් වැනි විවරයකින් වෑස්සෙන මෙම ජල බිඳුව පරම්පරා ගණනක් තිස්සේ නොසිඳී පවතින බවයි. එහි ජලය රැස් කිරීමට තඹ මුට්ටියක් තබා තිබුණ ද වෑස්සෙන ජලයෙන් මුට්ටිය පිරෙනවා විනා උතුරා යාමක් දක්නට නොවීම වන්දනාකරුවන්ගේ කුතුහලය වඩවන දසුනක් බවට පත්ව ඇත. අයෙක් මෙම තඹ මුට්ටියට පඬුරු දැමීමට ද අමතක නොකරති. මහරජ විහාරය හා බැඳි ජනප්‍රවාද රැසක් පවතී. වරක්  සිත්තරා මෙහි වියනේ සිතුවම් අඳින අවස්ථාවක වැරදීමෙන් රජු ලවා තීන්ත ඉල්වා ගත් නිසා ඇතිවු පසුතැවීමෙන් සියදිවි නසාගත් බවට මතයක් පවතී. මෙහි වියන ගැබ් 25 කට බෙදා ඇති අතර බුද්ධ රූප 1012ක් එහි ඇඳ ඇත. විහාර දොරටුවෙන් ඇතුළු වනවිටම දැකිය හැකි මධ්‍යම ප්‍රමාණයේ දාගැබ හැඳින්වෙන්නේ ‘ගල්කුඩු සෑය’ නමිනි. දෙව්රජ විහාරයේ ඇති පිරිනිවන් බුද්ධ ප්‍රතිමාව නිර්මාණයේදී කඩා ඉවත් කළ ගල් කුඩු පස් පෑලපල්ලැහැක් තැන්පත් කර මෙය ඉදිකර ඇත.දාගැබ ගල්කුඩු සෑය නමින් හැඳින්වෙන්නේ ද එහෙයිනි. විහාර මන්දිරය තුළ අභය, විතර්ක,භුමිස්පර්ෂ,සමාධි ආදී මුද්‍රා වලින් යුක්ත හිටි පිළිම 16 ක් ද හිඳි පිළිම 39 ක් ද සැතපෙන පිළිමයක් ද දක්නට ඇත.ලෙන් විහාර අතරින් වැඩිම වපසරියක විහිදී ඇත්තේ ද මෙම විහාරයයි.

   ‘ඇඳිරි ගේ’ නමින් අතීතයේදී හඳුන්වා ඇති මහ අලුත් විහාරය කී්ර්ති ශී රාජසිංහ රජු විසින් තනවන ලද්දකි.මෙහි පිළිම ඉතා කුඩා ඒවා වන අතර රාජසිංහ රජුගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් ද විහාර මන්දිරය තුළ තිබේ.මහ අලුත් විහාරය අඩි 90 ක දිගින් යුක්ත වන අතර මෙහි ඇත්තේ ඉතා සීමාසහිත ඉඩකඩකි.ලෙනට ඇතුළු වන අයෙකුට දර්ශනීය මකර තොරණක් සහිත දොරටුවක් දැකගත හැකිය. මෙම දොරටුවට යොදා ඇත්තේ ගල් උළුවස්සක් වන අතර දොරෙහි පාදමට පදම් කළ පොල් කටුවක් යොදා ඇතැයි සැලකේ.මෙහි සියලුම බුදු පිළිම හා සිතුවම් නිර්මාණය කර ඇත්තේ මහනුවර යුගයෙන් පසුව ය.
                 
 පශ්චිම විහාරය මෑත කාලයේදී වඩාත් කතාබහට ලක්වූයේ එය අවාසනාවන්ත ලෙස නිදන් සොරුන්ගේ ග්‍රහණයට ලක්වූ නිසා ය.වළගම්බා රජු විසින් මුලින්ම තනවා ඇත්තේ ද මෙම ලෙන් විහාරයයි.පිළිම පහක් ඇති නිසා පස් පිළිම ගේ ලෙස ද හඳුන්වා ඇති අතර මෙහි ප්‍රතිමා 21 ක් තිබේ.ලෙන මධ්‍යයට වන්නට සෝමාවතී නමින් කුඩා දාගැබක් දැකිය හැක. එහි සෝමා දේවියගේ ආභරණ තැන්පත් කොට තිබී ඇතැයි සැලකෙන අතර දාගැබ එනමින් හැඳින්වෙන්නේ ද ඒ නිසා ය.නිදන් හොරුන් විසින් එය කඩා දමා ඇත.මේ වනවිට විශේෂ ආරක්ෂක පද්ධතියක් ද විහාරය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.එය මෙවැනි උවදුරු වළකා ගනිමින් ජාතික උරුමයන් රැකීමට ගත් වැදගත් කාලොවිත පියවරකි.
    දෙවන අලුත් විහාරය මහනුවර යුගයෙනුත් පසු ඉදිකල එකකි. දූල්ලෑවේ අදිකාරම විසින් මෙය කරවන ලදැයි විශ්වාස කරන අතර තොළඹුගොල්ලේ කෝරළ නැමැත්තෙකු විසින් 1915 දි මෙය අලුත්වැඩියා කල බව විහාරයේම සටහන් කර ඇත.මෙහි පිළිම නිර්මාණය කිරීමේදී ගඩොල් මැටි සහ හුණූබදාම භාවිත කර ඇත.තරමක විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ද ඇතුළුව බුද්ධ ප්‍රතිමා 11 ක් දෙවන අලුත් විහාරයේ දක්නට ලැබේ.
  දඹුලු ලෙන් විහාරය නරඹන අයෙකුට ශ්‍රී විෂ්ණු මහා දේවාලය ද අමතක කළ නොහැක. ශ්‍රී විෂ්ණු මහා දේවාලය බැතිමතුන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූවකි.මෙම දෙව් රුව වළගම්බා රජු විසින් කරවූවක් බව ජනප්‍රවාදයේ එයි. එමෙන්ම ඕලන්දක්කාරයන් විසින් දෙවිනුවර තිබූ උප්පලවණ්ණ දෙව්රුව මුහුදට විසිකළ බවත් ත්‍රීකුණාමලයට පාවී ආ එම පිළිමය ධිවරයන් විසින් රජුට දෙන ලදුව දඹුලු විහාරයේ තැන්පත් කළ බවට ද ජනප්‍රවාදයක් පවතී.තවත් අයෙකු පවසන්නේ මුහුදේ පාවී ආ කිහිරි කොටයක් දෙවියන්ගේ නියමයෙන් දේව රූපයක් බවට පත්කොට දෙවිනුවර දේවාලයක් තනවා එහි තැන්පත් කළ බවත් එය පසුව අලුත් නුවරටත් පසුව මහනුවර මහ විෂ්ණු දේවාලයටත් එතැනින් දඹුල්ලටත් ගෙනා බවයි.මෙය සෑම දෙනාගේම බුහුමන් ලැබූ දේවාලයක් බව පැවසේ.අදටත් ප්‍රදේශවාසීන් තුළ දේවාලය පිළිබඳ දැඩි විශ්වාසයක් පවතී.
  ඓතිහාසිකවත් සෞන්දර්යාත්මකවත් අග තැන්පත් මෙම පින් බිමේ උරුමය රැක ගැනීමට කටයුතු කිරීම අප සියලු දෙනාට පැවරෙන ජාතික වගකීමකි. ඔබත් වන්දනාගමනක් යන්නට හෝ සති අන්තය වඩාත් අර්ථවත්ව ගත කිරීමට සිතන්නේ නම් දඹුලු විහාරය ඔබේ සැලසුමට එක් කර ගැනීමට අමතක කරන්නට එපා.එහි රසවත් ඉතිහාසය දැනගෙන විහාරය වන්දනාමාන කිරීම කිසිදා නොවිඳි අලුත් අත්දැකීමක් ද වේවි.
           
  ඓතිහාසික තොරතුරු සපයා ගැනිම ආනන්ද මාරසිංහ මහතාගේ ‘දඹුලු ලෙන් විහාරය’කෘතිය ඇසුරිනි
                                 

   ගල්කුඩු සෑය