Sunday, May 28, 2017

රට හැරගිය අම්මාවරුන්ට ...

පොල් අතු ගෙයි පොඩි  එලිපත්තේ සිට
කුසගින්නට පොඩි පැටවූ හඬන විට
උහුලා ගන්නට බැරිවයි ඒ දුක
රට හැරගියේ නුඹ අම්මාවරුනේ
දරුවන් වෙනුවෙන් නුඹ දුටු සිහිනය
සැබෑ කරන්නට හැරදා ගියමුත්
නැත පොඩි ඇස්වල නුඹ වෙනුවෙන් නැඟී
කඳුළු වියලුනේ...
දෑතේ කරගැට ඇවිත් රිදෙනකොට
ගිනියම් වැල්ලට දෙපා දවෙනකොට
කවුරුද අම්මේ බලන්නේ ඔබ ගැන
ඔබේ මවුගුණ පිරි රැකවරණය මිස  
 එපා අපට රන් යස ඉසුරු
ඒවා බර වැඩි මගේ පොඩි දෑතට
එනු යලි අම්මේ හැරදා දඟගෙය




                            


                   











                                                       

No comments:

Post a Comment