Sunday, May 28, 2017

උපාධි සිහිනය


`අ ` යනු `ආ` යනු අකුරු අමුණා
 දැරූ දිවිමඟ වෙහෙස දුෂ්කර
ළඟාවූව ද උපාධි සිහිනයට
එදා සිත`දර ගැලු
සැබෑ  සිහිනයේ සුවඳ
තවම ඇත බෝඩිමේ පොත් කන්ද යට                 

අකුරු අමුණමි සබඳ අද
මගේ නොවන කොම්පියුටරය ළඟ
සිහිනයේ අනන්තයට තවම අත දුර මදිය 


1 comment:

  1. තවත් උපාධිධාරියෙකුගේ කතාවක්

    ReplyDelete