Tuesday, June 6, 2017

සන්නාළියනේ

ඇඳුම් පොඩි ගොතන්නට
දියකරන ජීවිතය
දයාබර යෙහෙළියනේ
ඔබට බර නැතිවද
මැෂිමේ ඉදිකටු තුඩට
රිදුම් දෙන ඔබේ දෑතේ
රිදුම නොදැනෙන සේ ඉන්නේ 
ඔබ නිසා හුස්ම ලත්
ඒ ඈයො හින්දා ද
ඔබ වියන කසී සළු
ගෙනෙයි රන් යස ඉසුරු
ඒ වුනත් ගිනියම්වූ ගෙන්දගම් කොළොම්තොට
දිවා රෑ ඉකිබිඳින ඔබේ පැතුම් 
කඳුළු කැට
වියන්නට හැකිවෙයිද
ඒ සිනිදු සළුව මත
අසන්නට ඔබේ හඬ නැත සවන් 
විවර වී
දිනනු මන දිවි සටන
අදිටනම සිතට ගෙන
එය වේය පිළිසරණ
ඔබේ කඳුළු කතාවට
සිනා රැළි අතුරන්න


No comments:

Post a Comment