අප්පච්චී
මෙළොව එළිය
දුටු ද පටන්
දරුවන්ට එළිය
දෙන
පහන් ටැඹ ඔබය
වී වෙහෙස
තුන්සිය හැටපස් දවස
දා කඳුළු
බිඳු දියකර
තැනූ සත්මහල මත
දරු පැටවු
හිඳුවන්න
කාස්ටක මහා
පොළව
පෙරළු රජු
ඔබය
කන්තෝරු
මේසයේ මහා විසල් කඩපලේ
ගිනියම්ව
රත්වෙනා රළු පරළු මහ පාරේ
වැඩබිමේ
කම්හලේ කළුවරේ පතල් යට
දරුවන්ට
ජීවිතය සොයන්නේ ඒ ඔබය
ඒ කඳුළු
දාඩියෙන් නිමවනා කාසියෙන්
ඔබේ පැටවූ
මුතු මැණික් ලෝකයක් තනන විට
හදවතින්
හිනැහුණේ ඔබ පමණි අප්පච්චී
No comments:
Post a Comment