Wednesday, June 14, 2017

                                   මොබයිල්කරණය වූ තාරුණ්‍යය

 ජංගම දුරකථනය කලක් සීමිත පිරිසක් අතර පමණක් සැරිසරන උපකරණයක් බවට පත්ව තිබිණි.අද වනවිට එය නැතිවම බැරි සන්නිවේදන උපකරණයක් වී හමාරය .සමාජ තත්වය පෙන්වීමට මෙන්ම අවශ්‍යතාවය උදෙසා ද භාවිත කරන උපකරණයක් ලෙස එය සමාජගත වී ඇත.වර්තමානයේදී ජංගම දුරකතනයක් භාවිත නොකරන්නෙකු සෙවීම නොමළ ගෙයකින් අබ මිටක් සොයනවා වැනිය.ජංගම දුරකථන පරිශීලකයන් අතරින් බොහොමයක් තරුණ තරුනියෝය .තාරුණ්‍ය සතුව ඇත්තේ අවශ්‍යතාව ඉක්මවා ගිය අධි පරිභෝජනයකි.එනම් තාරුණ්‍යය මොබයිල්කරනය  වී ඇත.එදිනෙදා සියලු ගනුදෙනු හා සියුම් මනුෂ්‍ය සබඳතා පවා සිදුවන්නේ දුරකථනයෙනි.ඔව්නට ජංගම දුරකථනය එකම ලෝකයකි.ඒ තුළ සියලුදෙනාම තම දුරකථන තිරයට පමණක් සීමා වී ඇත.සමහරු තනිවම තවත් අයෙක් මුමුණති.සියලු දෙනාටම තමන්ටම අනන්‍ය වූ මොබයිල්කරණය වූ ලෝකයක් ඇත.දක්නට ඇති නවතම ප්‍රවනතාවය නම්මනුෂ්‍ය සබඳතා පෙරට වඩා තුනිවු ස්වභාවයකට පත්ව තිබීමයි.තමා අසල සිටින පුද්ගලයාව  පවා නොහඳුනන තැනට මොබිල්කරන්‍ය වූ සමාජයේ මනුෂ්‍ය සබඳතා පත්ව ඇත.

      සාම කෙනෙකුටම කාලය ගත කිරීමට චැට් කිරීමට මුහුනුපොතේ යහළුවෝ සිටිති දවසින් දවස ෆොටෝ අප්ලෝඩ් කිරීම සහ ලයික් කිරීම කමෙන්ට් කිරීම චැට් කිරීමෙන් එහා මනුෂ්‍ය සබඳතාවයක වටිනාකම පවත්වා ගනීමට නොහඳුනන තැනට තරුණ තරුණියන් පත්ව ඇත. මෙය එක අතකින් සමාජ ව්‍යසනයකි.මන්ද මිනිස්කම හෝ තවකෙකුගේ සිතුවිලි පිලිබඳ නොදැනීම සමාජයක පැවැත්මට එල්ල වන ප්‍රබල බාධාවකි.මිනිසා තවත් අයෙකු කෙරෙහි පවතින දැනීම අඩුවීම හා අදහස් සියල්ල මොබයිල්කරණය වීම ලෝකයේ පැවැත්මට ද බාධාවක් වනු ඇත.තම අදහස් ප්‍රකාශ කිරීම සහ උපන්දිනයට සුබ පැතීමත් උදෑසනට සුබ පැතීමත් මොබයිල්කරණය වී ඇත.එය අද ප්‍රබල සන්නිවේදන රටාවක් බවට පත්ව ඇත.facebook ,twitter හෝ smart ජංගම දුරකතනයක් පරිහරණය නොකරන්නෙකුට නැතිනම් viber හෝ facebook සාමාජිකයෙකු නොවන අයෙකුට එදිනෙදා තොරතුරු සෙවීම යනු කළුනික සෙවීමකි.එතරම් දුරට මොබයිල්කරණය තරුණ ජීවිත සංකීර්ණ භාවයට පත්කර ඇත.එනම් තරුණ පරම්පරාවට සිනාසීමට හෝ කතාකිරීම උගැන්වීමට සිදුවන දිනය වැඩි ඈතක  නොවනු ඇත.එහෙත් වටහාගත යුතු දෙය නම් මොබයිල්කරන්‍ය වීමට වඩා තරුණ තරුණියන් ලෙස දුරකථන තිරයෙන් එහා ලෝකය පිළිබඳව ද සංවේදී වෙමින් අපේ මිනිස්කමේ ගුණ සුවඳ ද තබාගැනීම වැදගත් බවය .එය තාක්ෂණයෙන් මැරිය යුත්තක් නොවේ.
                                                                                           
 
   

                                                                                                    





No comments:

Post a Comment